හැමදේටම වඩා මට රට ලොකුයි – මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

දෙමළ ජාතික සන්ධානයේ කිසිදු කොන්දේසියකට යටත් වීමට තමන් සූදානම් නොමැති බව  ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නායක, මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බෙලිඅත්ත නගර මධ්‍යයේ (21) පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සියල්ලටම වඩා ප‍්‍රමුඛතාව ලැබිය යුත්තේ රටට බවත්, රට බෙදන්නට කිසිවකුටත් ඉඩතැබිය නොහැකි බවත් ඔහු එහිදී සඳහන් කළේය.

එමෙන්ම වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීම හැර උතුරේ  ජනතාව වෙනුවෙන් කිසිවක් කර  නොමැති බවත්, උතුරු පළාත සංවර්ධනය කළේ සිය පාලන කාලයේදීත් බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.