සජිත් දිනනවා කියාගෙන බීමතින් පැමිණි එජාප මන්ත්‍රී 04කට පහරදීලා…!

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ කිතුල්කෝටේ ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රියේ එජාප වැල්ලවාය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කැළුම් ප්‍රදීප් විසින් බීමතින් නිවෙසක් වෙත ගොස් සිදු කළ බව කියන පහරදීමකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර  තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම ඇති වී තිබෙන අතර බීමතින් පැමිණි මන්ත්‍රීවරයා විසින් තමාට පහර දුන් බවයි පහර කෑමට ලක් වූවන් පවසා තිබෙන්නේ. 

සිදුවීම වන අවස්ථාවෙදී නිවසේ පුද්ගලයන් සිවුදෙනකු සිට ඇති අතර ඔවුන් සිවුදෙනාටම මන්ත්‍රීවරයා පහර දී ඇති අතර ඒ අතර 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දරුවෙකු ද සිට ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.

එලෙස තුවාල ලැබූවන් තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මේ වන විට තනමල්විල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.