එක් රටක් – එක් නීතියක් ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දෙමල සන්ධානයට මරු පහරක්…!

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹ නෙළුම් පොකුණ රගහලේදී අද එළිදැක්වුණා. 

මෙය නම් කර ඇත්තේ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම යනුවෙන්. විවිධ වෘත්තීන් සහ ජන කණ්ඩායම්වලින් ලබාගත් යෝජනා ඇසුරෙන් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කර තිබෙනවා. 

මහා සංඝරත්නය සහ ආගමික නායකයින් මෙන්ම විවිධ ක්‍ෂේත‍්‍ර නියෝජනය කරමින් නෙළුම් පොකුණ රගහල වෙත පැමිණි සිටි නියෝජිතයන් වෙත ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මෙහිදි පිළිගන්වනු ලැබුවා. 

මෙම අවස්ථාවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ද එක්ව සිටියා. 

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඒකීය රටක් බවත්, එය කිසිවෙකුටත් බෙදා වෙන් කිරීමට ඉඩ නොදෙන බවයි.