ජනපතිවරණය කැළඹෙන ප‍්‍රකාශයක් සමගින් ජනපති මෛත්‍රි මැතිවරණ වේදිකාවට…!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

දැනට විදෙස් සංචාරයක නිරත වන ඒ මහතා එළඹෙන 28 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු මෙම හෙළිදරව් කිරීමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධානතම අපේක්ෂකයෙකුගේ වේදිකාවට ගොඩ වී මෙන් පසු ඒ මහතා මෙම හෙළිදරව් කිරීම සිදුකිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරණ කාලසීමාව තුළ ස්වාධීනව සිටින බවට මුලින් පැවසුවද ජනාධිපතිවරයා සිය ස්ථාවරයය වෙනස් කරගෙන ඇති අතර ඒ අනුව ජනාධිපතිවරණය වේදිකාවට ගොඩ වීමට නියමිතය.