මගේ කාලේ වැරදි සියල්ල කලේ ‌ලේකම්ලා..! රනිල් ප්‍රසිද්ධියේ රාජ්‍ය නිලධාරීන්ව පාවාදෙයි…!

මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ලොව ඕනෑම ගුවන් යානයක මෙහෙයුම් සිදු කළ හැකි සාදා තිබෙන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම පසුගිය සමයේ දැඩි ආන්දෝළනයට තුඩු දුන්නා.

මෙලෙස වී ගබඩා කිරීම නිසා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවීන තාක්ෂණික උපාංග රැසක් හානී වූ බවටත් චෝදනා එල්ල වූවා. ඒ සදහා සෘජු චෝදනා එල්ල වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පරීක්ෂණය ඊයේ දින පැවැත්වුනා. එහිදි සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් කැදවා තිබුණා.

එහිදී මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සඳහා තමන් පෞද්ගලික මැදිහත්වීමක් නොකළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ප්‍රකාශ කළා.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියා වූ අජිත් ඩයස් මහතා කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දෙමින් අගමැති කාර්යාලයේ චරිත රත්වත්තේ විසින් කතා කර කියූ නිසා ගුවන් තොටුපළේ වී ගබඩා කිරීමට අවස්ථාව දුන් බව ප‍්‍රකාශ කර තිබේ. 

ඒ පිළිබඳ සාක්‍ෂි ලබාදෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර සිටියේ වී ගබඩා කිරීම සඳහා පත් කළ කමිටුවේ කටයුතුවලට චරිත රත්වත්තේ, පාස්කරලිංගම් වැනි ලේකම්වරුන් සහභාගි වුවත් ඒ සඳහා තමන් මැදිහත් නොවූ බවයි.