විරාමය අවසන්… ජනපති මෛත්‍රී ජනාධිපතිවරණ වේදිකාවට……?

මේ දිනවල විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 28 වනදා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

එසේ පැමිණි පසු ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට සහාය පල කරමින් දේශපාලන වේදිකාවට ගොඩවනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටියේය.

ජනාධිපති මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනය සිටින බවට ශ‍්‍රීලනිප ප‍්‍රධානීන් විසින් පවසා තිබුණද ජනාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් කරගෙන සිටින බව එම ආරංචි මාර්ග තව දුරටත් කියයි.