ශ්‍රීලනිප තීරණයට අනුව ගෝඨාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා..! සෝලංගආරච්චි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණයට අනුව කොලොන්නාව ආසනය ඇතුළු සමස්ත කොළඹ දිස්ත්‍රික්කයේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා තම උපරිම දායකත්වය ලබාදෙන බව කොලොන්නාව ශ්‍රීලනිප සංවිධායක ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පවසයි.

ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ පළමුවැනි මාධ්‍ය හමුවේදී පැමිණ සිටි මාධ්‍යවේදියෙකු ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ අදහස් පළකළේය.