සජිත් දැනටමත් ගෝඨාභයට වඩා 11% (ලක්ෂ 15ක්) පසුපසින් බවට හරින්ගෙන් ප්‍රකාශයක්…!

ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා සිය මැතිවරණය ව්‍යාපාරය අතරතුර එම පරතරය ඉක්මවා ජයග‍්‍රහී තත්වයය අවසන් සති සති දෙකේදී සම්පූර්ණ කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලක්‍ෂ 130ක් මෙවර ඡන්දය ලබා දේ යයි මැතිවරණ කොමිසම විසින්ම දැනට සිදු කර ඇති පුරෝකථනයන් මත 11%ක් යනු ලක්‍ෂ 15කට ආසන්න ප‍්‍රමාණයකි.

117,557 Viewers