සජිත් හැරදා රනිල්ගේ හිතවත්ම ප්‍රබලයෙක් ‌ගෝඨා ‌සෙවණට…!

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉතා සමීප ප‍්‍රබලයෙකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සදහා එක්වනු ඇති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

මහනුවර ප‍්‍රදේශයේ සිදු කරන ලද සංචාරය අතරතුරදී ඒ මහතා මේ බව සදහන් කර ඇත.

සිතා ගැනීමටද ‌නොහැකි එජාප ප්‍රබලයකු හෙට අනිද්දාම ‌විපක්‍ෂයට සහාය දෙන බවද ඒ මහතා සදහන් කර තිබේ.