මෛත‍්‍රී-මහින්ද සම නායකයින්.. පුටුව ලකුණින්.. පොහොට්ටු-ශ‍්‍රීලනිප ගිවිසුම 13වනදා අත්සන් තැබේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයේ ජාතික සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මහලේකම් ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට එකඟතාවකට පැමිණ තිබේ.

මෙම නව සන්ධානය සම නායකයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත ඇත.

සන්ධානයේ සභාපති ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීමට නියමිතව තිබේ.

පක්ෂ දෙක අතර අවබෝධතා ගිවිසුම එළැඹෙන 31 වැනි දා පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී අත්සන් කිරීමට සූදානම් කර ඇත.

නව සන්ධානය අත්සන් තැබීමෙන් පසු ජනාධිපතිවරනයට පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදී පුටුව ලකුණින් තරග කිරීමට ද එකඟතාවයකට පැමිණ තිබේ.