කොලොන්නාව ජයග්‍රහණය උදෙසා පොහොට්ටු – ශ්‍රීලනිප ඒකාබද්ධ මැතිවරණ සැලසුමක්..!

කොලොන්නාව ආසනයේ ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම පිළිබද විශේෂ සාකච්චාවක් 2019.10.25 වන දින රාත්‍රියේ කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ සංවිධායකත්වයෙන් හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය නාවලගේ බැනට් කුරේ හිටපු පළාත් සභා මන්ත්‍රිනී අශෝකා ලංකාතිලක කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති රංගජිව ජයසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර ඒ සදහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු වාම බලවේගයට සහය දක්වන විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.

එහිදී කරුණු රැසක් පිලිබදව සාකච්චා කෙරුණු අතර ගොටාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා ක්‍රමානුකුල සැලසුමක අවශ්‍යතාව ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් පෙන්වාදීමෙන් පසුව සියලු පක්ෂ නියෝජනය පරිදි සකසා ගන්නා ලද කමිටුවකින් එම සැලසුම නිර්මාණය කිරීමට සභාවේ අනුමැතිය හිමිවිය.