ගෝඨාගේ ජයග්‍රහයනයෙන් පසු නොවැම්බර් 18 උපන් දිනය දා මහින්ද යලිත් අගමැතිධුරයට ..

අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තැග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍යය ධුරට පිරිනමන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යයාලයක් ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ විවෘත කිරිමෙන් අනතුරුවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ වැරදිලා හෝ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍යයවරයා වශයෙන් පත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අවනත වන අයෙකුට බවයි.