සජිත්ගේ විවාද අභියෝගයට ගෝඨා සූදානම්.. එකම කොන්දේසිය මෙන්න..!

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මුහුණට මුහුණ විවාදයකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගය සලකා බැලීමට එක් කොන්දේසියක් ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විවාදයකට පෙර සජිත් ප්‍රේමදාස මහතා තනිවම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගි විය යුතු බව ඔහු සඳහන් කළේය.

වසර ගණනාවක දේශපාලනයේ යෙදෙන සජිත් ප්‍රේමදාස මහතා මේවන තෙක් රූපවාහිනී නාලිකාවක විවාසයකට සහභාගී වූ අවස්ථාවක් මතකයේ නැති බවද ඔහු පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විවාදයට පෙර තනිවම පුද්ගලික රූපවාහිනි නාලිකාවක සජීන සංවාදයක යෙදුණහොත් එම විවාදය සඳහා සලකා බැලිය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එවන් විවාදයක් පැවතුනද එය කුමාරි අක්කා සහ ලතා වල්පොල අතර සිදුවන ගායනා තරගයක් ආකාරයේ වනු ඇතැයිද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.