දිගම්බරන් – නවින් ගැටෙයි..! සජිත් – නවින් පිළිගනිද්දී දිගම්බරන් පක්ෂයත් සමගින් ගෝඨාභයට

එජාප ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක ඇමති පාලනී දිගම්බරම් මහතා අතර මත ගැටුමක් හට ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම ආරවුලට මුල් වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 20 වැනිදා හැටන් බස්නැවතුම් පොළේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක රැලියේදීය.

ඊයේ දිනයේදී දිගම්බරම් මහතාගේ සමීපතමයන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ කටයුතු කරනවා ද යන්න පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා කර ඇත.

එමෙ ම නොවැම්බර් 10 වැනිදා තලවකැලේ මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මහජන රැලියට නවීන් දිසානායක මහතාට ආරාධනා නොකිරීමටත් දිගම්බරන් මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.