රනිල්ට ‌දෙන්න එපා…! තාත්තගේ උරුමෙට කන්ද උඩරටට ‌දෙන්න..! නවීන් අගමැති සටනට..!

එන ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයගතහොත් ඉන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ අගමැති කම උඩරටට අවශ්‍ය යයි ඇමති නවින් දිසානායක මහතා කියයි.

තමනට අගමැති කම අවශ්‍ය බවක් නොකියන බවත් කවුරුන් හෝ උඩරැුටියෙකුට අගමැතිකම අනිවාර්යෙන්ම ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසීය.

මහනුවර පොත්තපිටියේදී පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

මේ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කල යුතු බවක් ඇමතිවරයාගේ ප‍්‍රකාශයෙන් ඇගවෙයි.