ආරියවති ගලප්පත්තිට හු කිවුවේ සජියගේ සල්ලි වලට….! රැලේ ප්‍රබලයෙක් සියල්ල වමාරයි…!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කන්තලේ නගරයේදී පැවති ජන රැලියකදී ත‍්‍රිකුණාමල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා ආරියවතී ගලප්පත්ති මහත්මියට හූ තබා තිබේ. ඒ හේතුවෙන් තම කතාව ඇය විසින් අතරමගදී නතර කර දමා ඇත.

පසුව හූ තැබීම අවසන් වූ පසු යළි කතා කරන්නැයි ආරාධනා කළද එය ඇය විසින් ඉවත දමා තිබේ. ‌කෙසේ ‌වෙතත් අනතුරුව සිදුකළ ‌සොයාබැලීමකදි ඉහත කල්ලිය එජාපයේ වැටුප් ලබන කණ්ඩායමක් බවට ‌තොරතුරු ‌හෙලිවී ඇත.

කිසිදු ශ‍්‍රීලනිප නියෝජිතයෙකුට හූ තැබීම්, අපහාස උපහාස කිරීම් නවත්වන්නැයි හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ හා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දැනුම් දී තිබියදී මෙම කටයුත්ත සිදුව තිබේ.