ලක්ෂ 10කින් ගෝඨාභය දිනනවා..! – එජාප මන්ත‍්‍රී කැට තබා කියයි..

එළැඹෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ලබා ගන්නා වැඩි ඡුන්ද සංඛ්‍යාවේ අවමය ලක්‍ෂ 10ක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මෙය වෙසන් විය හැක්කේ දශම ගණනකින් පමණක් යයිද ඒ මහතා සදහන් කලේය.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

රට බේරා ගැනීම සදහා මෙම ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කරවිය යුතු එකම පුද්ගලයා ගෝටාභය රාජපක්‍ෂ මහතා පමණක් යයිද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.