අපේක්ෂාවේ අපේක්ෂක ලබ අනුර මාධ්‍යවේදියෙක්ට පහරදීලා..! මාධ්‍යවේදියා පොලිසි යයි..

පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු අසේල ධර්මවර්ධන මහතා ට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මැර තර්ජන එල්ල කරයි .

පොළොන්නරුව කදුරුවෙල නගර මධ්‍යයේ පැවති ජාතික ජනබලවේගය ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර මේ සිදුවී තිබේ.

වේදිකාවට ගොඩ වූ තමන්ට අනුර දිසානායක මහතාගේ පෞද්ගලික නිලධාරීන් පහරදීමට උත්සාහකර වේදිකාවෙන් බිමට ඇද දැමූ බවට කදුරුවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අසේල ධර්මවර්ධන කියා සිටියේය.

මෙම ආරවුල විසඳීමට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද මැදිහත් විය.

තමන් වේදිකාවට ගොඩවූයේ වූයේ පොලිස් නිලධාරීන් ගේ අවසර ඇතිව බව පවසන අසේල ධර්මවර්ධන, ජනතාව රැලියට සවන් දෙන දර්ශන ලබාගැනීම තම අරමුණ බව ද පවසයි.

අනතුරුව අනුර දිසානායක මහතා රැළිය ඇමතීමෙන් පසු පිටත්ව ගිය විගස අසේල ධර්මවර්ධන මහතා අසලට පැමිණි අනුර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් තමන්ට තර්ජනය කළ බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් වේ .

අසෙල් ධර්මවර්ධන මහතා විද්‍යුත් නාලිකා කිහිපයකට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රවෘත්ති සපයන මාධ්‍ය කරුවෙකි .