ජීවිත තර්ජනලු..! නවසීලන්ත පුරවැසිකම ‌වෙනුවෙන් රට පාවාදෙන අලුත්ම නාට්‍ය ජවනිකාවක් කරලියට..!

එජාප අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතාට සහය පල කරන ලද ‌බොකුට්ටාගේ කල්ලියේ ඇතැමුන්ගේ අරමුණ තමනට ජිවිත තර්ජන ඇති බව පවසා නවසීලන්ත පුරවැසිභාවය ලබාගැනිම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා ‌වේ.

එම කල්ලියේ ප්‍රබලයෙකුගේ ‌සොහොයුරියක් නවසීලන්ත පුරවැසිභාවය ලබාගෙන ඇති අතර ‌මොහුගේ අභිප්‍රාය වී ඇත්තේ අන් කිසිවක් ‌නොව නවසීලන්ත පුරවැසිභාවය ලබාගැනීමයි.

ඒ සදහා ‌මෙම ජනාධිපතිවරණය දඩමීමා කරගත් ‌මොහු තමන්ට ජීවිත තර්ජන ඇති බවට පවසමින් රංගනයක නියැලෙමින් සිටින අතර ඔහුගේ කල්ලියේ අනෙක් කණ්ඩායම කුලියට කඩේ යන විකටයන් විලසින් ඔහුට සහය දක්වමින් සිටින බව සදහන්.