වෙල්ගම – චන්ද්‍රිකා අමුතු ‌ගේමක..! ඉල්ලන තරමට කුට්ටි පිටින් සල්ලි මලු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට..!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් පිරිසක්ද සමගින් ඔහු එම වේදිකාවට එක්වීමට නියමිත බවද පැවසේ.

ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන් හා පලාත් පාලන අපේක්‍ෂකයන් එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමුළුවක් සදහා දැනටමත් කැදවා ඇත.

එහිදී මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ඇතැයිද දැනගන්නට ඇත.