හඬපට පිටවේ.. රාජිතගේ රණවිරු මාධ්‍ය හමුවේ රෙදි ගැලවේ.. මුදලින් කෝටියක්, වාහන දී රණවිරුවන් මිලට අරන්.. [Video]

ඇමති රාජිත සේනාරත්න සමඟ පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ආබාධිත හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් විවධ කරුණු ඉදිරිපත් කරන ලද්දේ මුදල්, වාහන ලබාගෙන බව කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සිංහලේ ජාතික ව්‍යාපාරය පැවසීය.

එම සංවිධානයේ සභාපති ඩෑන් ප‍්‍රියසාද් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

මුදලින් රුපියල් කෝටියක් සහ වාහනද ඇමති ආරක්ෂකයින් ද සහිතව මෙම හමුදා සෙබලුන් මෙම මාධ්‍ය හමුව සඳහා එක්වූ බව ඔහු කියා සිටියේය.

මෙම හෙලිදරවුවේ සාක්‍ෂි ලෙස පටිගතකල හඩ පටයක්ද ඔහු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරන ලදී.