අවසානයේ රනිල් වැඩ අල්ලයි..! ලංකාවේ ඉඩම් ප‍්‍රමාණයෙන් 1/5 ක් ඇමරිකාවට…!

ඇමෙරිකාව සමග අත්සන් තැබීමට සැරසෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ‘ජාතික ආර්ථික සභාව, ඉදිරිපත් කළ නිරීක්‍ෂණ උපුටා දක්වමින් එම ගිවිසුම ශ‍්‍රී ලංකාවටත් එහි ජනතාවටත් ඉතාමත් හානිකර බව ඔප්පු කර පෙන්වීමට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කටයුතු කළේය.

පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් ශ‍්‍රවණාගාරයේදී පැවත මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ කරුණු ඉදිරිපත් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘‘ඉන්දියානු සාගර කලාපයේ වැදගත්කම හේතුවෙන් ඇමෙරිකානු 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය එම කලාපයේ බලය ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ඔබ දන්නවා. එහිදී ඔවුන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම ඉතා වැදගත්. ඒ සඳහා ඔවුන් ඇක්සා, සෝෆා හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යන ගිවිසුම් ත‍්‍රිත්වය යොදා ගන්නවා. ඇක්සා ගිවිසුම දැනටමත් අත්සන් කර තිබුණත් සෝෆා හා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම්වලට තවමත් අත්සන් තබා නැහැ. ඇක්සා සහ සෝෆා ගිවිසුම්වලින් ඇමෙරිකාව බලාපොරාත්තු වන්නේ ශ‍්‍රී ලංකාව තුළට මිලිටරිමය වශයෙන් ඇතුළු වී මිලිටරිමය ලෙස ක‍්‍රියාතේමක වීමයි. ඊට අදාළ ප‍්‍රතිපාදන එම ගිවිසුම්වල අඩංගුයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ අප රට දේශපාලනමය හා ආර්ථිකමය වශයෙන් හසුරුවා ගැනීමට අවශ්‍ය ඉඩකඩ හදා ගැනීම. අපේ රටේ ජනතාවට, විශේෂයෙන් ග‍්‍රාමීය ජනතාවට ඉඩම තරම් සංවේදී දෙයක් තවත් නැහැ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමින් ඔවුන් ප‍්‍රධාන අංශ තුනක් ගැන කතා කරනවා. එකක් අපේ රටේ ඉඩම් නීති වෙනස් කරලා, ඉඩම් වෙළෙඳපොළ ශක්තිමත් තත්ත්වයකට පත් කරන ආකාරය. දෙවැන්න යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ කරුණු. තුන්්වැන්න ඔවුන්ගේ නීතියට, උවමනාවන්ට අනුව, සකසන විශේෂ ආර්ථික කලාප පිළිබඳ කරුණු.

ගිවිසුම ඇසුරෙන් පාර්ලිමේන්තු පනතක් …

මගේ අතේ තිබෙනවා, ජනාධිපතිවරයා යටතේ පවතින මහාචාර්ය ලලිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන ජාතික ආර්ථික සභාව විසින් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ කැබිනට් මණ්ඩලයට ලබා දී ඇති නිරීක්‍ෂණ ඇතුළත් වාර්තාව. (මාධ්‍යයට පෙන්වයි*. මේ නිරීක්‍ෂණවලින් පෙන්වා දෙනවා මේ ගිවිසුම අත්සන් කළාට පසු එය පාර්ලිමේන්තුවේ පනතක් ලෙස සම්මත කරන බව. මීට කලින් ශ‍්‍රී ලංකාවට ආධාර මුදල් ලබා දුන් කිසිම රටක් ඊට අදාළව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරවා ගෙන නැහැ. නමුත් මෙහිදී එවැන්නක් සිදු කරන්නේ ඇයි? කියන ප‍්‍රශ්නය මතු වෙනවා. එම ක‍්‍රියාවලියට නීතිමය රාමුවක් හදා දීම, එම ක‍්‍රියාවලිය ලංකාවේ නීතියේම කොටසක් බවට පත් කිරීම මෙහිදී සිදු වෙනවා. ඒ වගේම ඉඩම් පිළිබඳ ඒ අයගේ උනන්දුව, ඉඩම් කැබලි පිළිබඳ සිතියමක් සැකසීම, රජයේ ඉඩම් ලේඛනයක් නිරිමාණය, ඔප්පු ලියාපදිංචිය වැඩි දියුණු කිරීම, ඉඩම් තක්සේරු කරන පද්ධතිය වැඩි දියුණු කිරීම ආදී වශයෙන් මෙම නිරීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙනවා.

‘පර්චසයක් රුපියල් 180.10ක සොච්චමකට’

ඇමෙරිකා එක්සත් ජනපදය රුපියල්වලින් ගතහොත් බිලියන 85ක්, ඩොලර්වලින් ගතහොත් මිලියන 480ක් තමයි ආධාර වශයෙන් ලබා දීමට සූදානම් වන්නේ. එකවර නොවෙයි කොටස් වශයෙන් තමා මෙම මුදල් ලබා දෙන්නේ. අපි දැනටමත් දන්නවා, මෙම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ සැකසෙන කොළඹ වරායේ සිට ත‍්‍රිකුණාමල වරාය දක්වා දිවෙන විශේෂ ආර්ථික කලාපයට ඉඩම් අක්කර ලක්‍ෂ 12ක් අයත් වන බව. නමුත් මෙම ගිවිසුම යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයට පවරා දෙන ඉඩම් ප‍්‍රමාණය ඊට වඩා බොහොම වැඩියි. එය ලංකාවේ සමස්ත ඉඩම් ප‍්‍රමාණයෙන් 18.2%ක් හෙවත් අක්කර 29,65,264ක්. ඒ අක්කර ප‍්‍රමාණයට ඇමෙරිකාවෙන් ලැබෙන්නේ රුපියල් බිලියන 85යි. එවිට ඒ අය අපේ ඉඩම් අක්කරයකට ගෙවන්නේ කීයද? රුපියල් 29,137ක් පමණයි. එවිට එයාලා අපේ පර්චසයක් ගන්නේ කීයට ද? රුපියල් 180.10ක සොච්චමකට. මේක ආධාර ලබා දීමක් ද? ජාතික ආර්ථික සභාවේ නිරීක්‍ෂණ තමා මේ මම උපුටා දක්වන්නේ. තවදුරටත් එහි සඳහන් වෙනවා, මේ ගිවිසුම ලංකාවේ නීතියට ඇතුළත් කිරීමට හදන පනතේ 7.1 වගන්තියෙහි සඳහන් කරුණක්. ඒ තමයි ‘මෙම ගිවිසුමට අදාළ කරුණක් සම්බන්ධයෙන්් දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති වුවහොත් එය ජාත්‍යන්තර නීතියට අනුව විසඳාගත යුතුය’ යන්න. මේ දෙන්නේ ආධාරයක් නම් ඇයි මේ ජාත්‍යන්තර නීතිය පටලවලා කොන්දේසි දමන්නේ?

‘අවසන් කිරීමේ සහ අත්හිටුවීමේ වගන්ති’

ගිවිසුමෙහි ‘අවසන් කිරීමේ සහ අත්හිටුවීමේ වගන්ති’ පිළිබඳව ජාතික ආර්ථික සභාව සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මෙසේයි. ‘දින 30කට පෙර දැනුම් දීමෙන් මෙම ගිවිසුමෙන් ඉවත් වීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයට හැකියාව තිබේ’ යන්න එහි සඳහන්. එහෙත් එසේ ඉවත්වීමට ශ‍්‍රී ලංකා රජයට හැකියාව නැහැ. ඉවත්වීමට හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කරන්නේ ‘දේශපාලන වශයෙන් මේ රාජ්‍යය පාලනය කරන’ කාරණයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය යම් රටකට ආධාර දෙන විට නිර්ණායක 20ක් සලකා බලන බවත් ලංකාව ඉන් 13ක් සපුරා ඇති නිසා මේ ආධාරය අනුමත වී ඇති බවත් ඔවුන් කියනවා.

මේ බලන්න, මේ නිර්ණායක කොතරම් බරපතළ ද කියා. එකක් තමයි ‘ආර්ථික නිදහස’. ඒ යටතේ ඔවුන් බලාපොරොත්තු වන දේවල් බලන්න. ‘රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය, උද්ධමනය, නියාමන ගුණාත්මකභාවය, වෙළඳ ප‍්‍රතිපත්තිය, ආර්ථිකය තුළ ස්ත‍්‍රී/පුරුෂ දායකත්වය, ඉඩම් අයිතිය හා ප‍්‍රවේශය, ව්‍යාපාර ආරම්භ කිරීම’ එහි සඳහන්. ආධාර මුදලක් දෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු වන්නේ ඇයි? මේ සියල්ල මේ රටේ ජනතාවයි තීරණය කළ යුත්තේ. මේ කිසිවක හෝ අඩුපාඩුවක් පෙන්වා ඔවුන්ට අයින් වෙන්න පුළුවන්. තවත් නිර්ණායක 06ක් තිබෙනවා. සිවිල් නිදහස, දේශපාලන අයිතිවාසිකම්, ¥ෂණය පාලනය කිරීම, රජයේ කාර්යක්‍ෂමතාව, නීතියේ ආධිපත්‍යය සහ තොරතුරු දැන ගැනීමේ නිදහස’ යනුවෙන් දේශපාලන අයිතිවාසිකම් යටතේ ඔවුන් කියාවි ‘මේ රට ෆෙඩරල් කරලා නැහැනේ’ කියා. මේක බරපතළ තත්වයක්. මෙමගින් ශ‍්‍රී ලංකාවේ දේශපාලන රාමුව තීරණය කිරීමේ ශක්තිය ඔවුන් අනියමින් ලබා ගන්නවා. ඒ වගේම සෞඛ්‍ය සඳහා වියදම්, ප‍්‍රාථමික අධ්‍යාපන වියදම්, ප‍්‍රතිශක්තිකරණ අනුපාතය, ගැහැණු ළමයින්ගේ ද්වීතික අධ්‍යාපන අනුපාතය හා ළමා සෞඛ්‍යය යන ඒවාත් ඒ අය ඉදිරිපත් කළ නිර්ණායක 20 අතර වෙනවා.

‘ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වුණොත්…’

ඇමෙරිකාව ගිවිසුමෙන් ඉවත් වුණොත් මොකද වෙන්නේ? මෙන්න ඒ පිළිබඳ ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණයන්්. ‘වත්කම් ආපසු පවරාදීම හෝ ගෙවීම ඃ කම්පැක්ට් ගිවිසුම කලින් අවසන් කරන ලද අවස්ථාවකදී වැඩසටහනේ වත්කම් ආපසු පවරා දීමට හෝ ඒවා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙවීමට හෝ සිදු වනු ඇත.’ අපට ආධාර මුදලක්, පිනට යමක් දෙන්න ආවා නම් ආපසු පවරා ගන්න දෙයක් නැහැනේ. බලන්න, ‘වැඩසටහන අවසන් වූ විට බෙදාහැරිය හැකි තත්වයේ ඇති වත්කම් එම්සීසී වෙත පැවරීමට සහ බෙදාහැරීය නොහැකි තත්වයක ඇති වත්කම්වල සාධාරණ වෙළඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර්වලින් ආපසු ගෙවීමට ශ‍්‍රී ලංකාවට සිදුවෙයි.’ යනුවෙන් ද ඉහත නිරීක්ෂණයන්හි සඳහන්. මේක ආධාර මුදලක් නම් මෙහෙම ඉල්ලන්න විදියක් නැහැනේ. මෙන්න ‘ජාතික ආර්ථික සභාව’ මේ පිළිබඳ ලබා දෙන වැදගත්ම නිරීක්‍ෂණය. ‘මෙය ද ප‍්‍රධාන ගිවිසුම්වල නොමැති අසාමාන්‍ය හානිකර වගන්තියකි. රටේ සංවර්ධනය සහ දුප්පත්කම තුරන් කිරීම සඳහා මෙම ප‍්‍රදානය සද්භාවයෙන් යුතුව ලබාදෙන්නේනම් එක්සත් ජනපදයට එවැනි වත්කම් හුවමාරුවක් සහ ආපසු ගෙවීමක් අවශ්‍යය වන්නේ ඇයි? මෙය ශ‍්‍රී ලංකාවට ඍණාත්මක දේශපාලන හා ආර්ථික ප‍්‍රතිවිපාක සම`ග කටයුතු කිරීමට පමණක් නොව වත්කම් ආපසු ලබා දීමට සහ භෞතිකව එක්සත් ජනපදයට ආපසු ලබා දිය නොහැකි වත්කම්වල වෙළඳපොළ වටිනාකම ආපසු ගෙවීම සඳහා විදේශ මුදල් සොයා ගැනීමට ද සිදුවනු ඇත. තවද ශ‍්‍රී ලංකාවට වත්කම් ආපසු ගෙවීමට නොහැකි වන්නේ නම් එය විදේශීය මුදල් ගෙවීම පැහැර හැරීමක් ලෙස ද සැලකිය හැකි අතර එවැනි සිදුවීමක් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට සහ විදේශ ආයෝජන අඩු කිරීමට හේතූන් විය හැකිය.’ මේක උගුලක්. මේ කරන්න හදන්නේ තමන්ට නටවන්න බැරි පාලනයක් ආවොත් මේ ගිවිසුමට හිර කරන්න හැදීම. එහෙම හිර කරලාත් ඔවුන් නටවන්න බැරිනම් ඇමරිකාව මේ ගිවිසුමෙන් ඉවත් වෙනවා. එහෙම අයින් වුණු ගමන් අපි ඉහත කී වත්කම් ගෙවන්න ඕනෙ. අපි එවිට ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටෙනවා. මූල්‍ය අරමුදල, ලෝක බැංකුව අපට ණය දීම නතර කරනවා. ණය වෙළෙඳ පොළට ගොස් ණය ගන්න බැරි තත්වෙකට රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

‘අහිංසක සංවර්ධන ව්‍යාපෘතියක් නොවේ’

එ් නිසා මේක අහිංසක සංවර්ධන ව්‍යාපෘතියක් විදියට පෙනුණාට එය පිටුපස ඇත්තේ දේශපාලන හා ආර්ථික වටලෑමක්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික හා දේශපාලන උගුලකට ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමක්. මේක අවුරුදු 5කට ලබාදෙන අහිංසක ප‍්‍රදානයක් නම් මොකටද පනතක්? මොකටද එ් පනත යටතේ සමාගමක්? මම දිගින් දිගටම පෙන්වා දුන්නා මේ එම්.සී.සී. ගිවිසුමෙන් අපේ ඉඩම්වලට වන දේ. අපේ කෘෂිකාර්මික ප‍්‍රදේශ මෙතෙක් කලක් රැුකිලා තිබුණේ, ‘ඉඩම්, වගාව, ආදායම සහ යටිතල පහසුකම්’ යන සියල්ල ගොවියාට තිබුණ නිසයි. මේ ඉඩම් වෙළෙඳපොළ සක‍්‍රීය කෙරෙන ඇමෙරිකානු උගුල හේතුවෙන් ගොවීන් ඉඩම් විකිණීමට පෙළඹෙනවා. විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඇමරිකානු විශේෂ ආර්ථික කොරිඩෝවට, ත‍්‍රිකුණාමලයේ ආයෝජන කලාපයට ඉඩම් පවරා ගැනෙනකොට මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම් ද ඊට අයත් කර ගැනීම මේ ගිවිසුම හරහා සිදුවීම අනිවාර්යක්. මේ උගුලට අපි පය තැබුවොත් මේ රටේ ඉඩම් අහිමි, අවතැන් වූ විශාල පිරිසක් නිර්මාණය වීම වළක්වන්න බැහැ.

‘ඞී.එස්. – ගාමිණි ප‍්‍රතිපත්තිවලට එරෙහිව යාම’

ඞී.එස්. සේනානායක මහතාගේ ගොවි ජනපද පිහිටුවීමේ සහ ගාමිණි දිසානායක මහතාගේ මහවැලි ජනපද පිහිටුවීමේ ප‍්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම පටහැනි ප‍්‍රතිපත්තියක සිටයි අද රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන එජාප නායකයන් කටයුතු කරන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදය ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, සමාජ වටිනාකම්’ ලෝකයටම උගන්වමින් යනවානේ. ඒත් ඇයි මේ රටේ ප‍්‍රධානතම මැතිවරණයක් තිබියදී, පණ අදින ආණ්ඩුවක අත කරකවලා මේ ගිවිසුම අත්සන් කර ගැනීමට ද`ගලන්නේ? මේ හොඳ දෙයක් නම්, යුක්තිසහගත දෙයක් නම් නොවැම්බර් 16 වැනිදායින් පසු බලයට පත්වන ආණ්ඩුවකින් ඒ දෙය කරවාගත හැකියිනේ.

‘හොර රහසේම අත්සන් තැබීමට…’

මංගල සමරවීර ඇමතිවරයා, මේ ගිවිසුම අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීමට සියලූ කටයුතු යොදා තිබුණා. නමුත් අදාළ මොහොතේ ගිවිසුමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බවට වන වාර්තාව ගෙන්වා ගැනීමට හැකි වුණේ නැහැ. මේ පිළිබඳව අපි ජනාධිපතිතුමන් හමු වී ප‍්‍රශ්න කළාම එතුමා පැවසුවේ ‘කැබිනට් අනුමැතිය ලැබුණේ නොවැම්බර් 16 වැනිදායින් පසුව මේ ගිවිසුමට අත්සන් තැබීමට’ කියලයි. එහෙමනම් කොහොමද දැන් මේ අත්සන් කරන්න හදන්නේ?
‘ව්‍යාපෘති අධ්‍යක්‍ෂ – නියෝජ්‍ය අධ්‍යක්‍ෂ’ පවුල් පිටින් ලංකාවේ…’

මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දැන් පවුල් පිටින් ඇවිත් ශ‍්‍රී ලංකාවේ පදිංචි වී සිටිනවා. ඔවුනගේ් දරුවන් මේ රටේ පාසල්වලට ඇතුළත් කරලා. මේක ස්ථිරව කෙරෙන දෙයක් බව ඔවුනට විශ්වාස නිසයි එහෙම කර ඇත්තේ. මේ ආණ්ඩුව සහ ඇමෙරිකාව අතර එක`ගතාව ද කෙසේ හෝ මේ ගිවිසුම අත්සන් තැබීමයි. මේක ‘ඉන්දියානු සාගර කලාපයේ ඔටුන්න ඃ ශ‍්‍රී ලංකාව’ ඔවුන්ගේ ආධිපත්‍යයට නතුකර ගැනීමේ උගුලක්. මේ ආකාරයට ඇමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය සම`ග ගිවිසුම් අත්සන් කළ රටවල් අද පත්ව ඇති තත්වය බලන්න. තමන්ට නටවන්න පුළුවන් ආණ්ඩුවක් සම`ග මේ ගිවිසුම් අතසන්් කර පසුව තමන්ට නටවන්න බැරි ආණ්ඩුවක් ආවාම ගිවිසුමෙන් ඉවත්වීම ඇමෙරිකානු පිළිවෙත වී තිබෙනවා. එහෙම වෙලා අමාරුවේ වැටුණු රටවල් පිළිබඳව ද ‘ජාතික ආර්ථික සභාව’ අමාත්‍ය මණ්ඩලයට සිය නිරීක්‍ෂණ මගින් පෙන්වා දී තිබෙනවා. ණය ශ්‍රේණිගත කිරීම් ඇතුළු බොහෝ සමාජ – ආර්ථික දර්ශකවලින් පහළ වැටීමට මේ ගිවිසුම් නිසා ඒ රටවලට සිදුව තිබෙනවා. නයිජිරියාව, යේමනය, ගැම්බියාව, ටැන්සානියාව, නිකරගුවාව, හොන්ඩුරාස්, මැඩගස්කරය, ආමේනියාව, මලාවි ඒ රටවල් අතර වෙනවා. අපි රටක් ලෙස මේ උගුලෙන් මිදීමට කටයුතු කළ යුතුයි.’’

සංවිධානයේ ප‍්‍රධාන අනුශාසක මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, කැඳවුම්කරු ජනාධිපති නීතිඳ මයුර ගුණවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා, හිටපු මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ