ඇමති සජිත් යටතේ සෝමාවතියට අයිති චෛත්‍ය 21න් 15ක් විනාශයි; ‘වෙහෙර යාය’ චෛත්‍ය උඩ හරක් මරනවලු

අපේ නායකයන්ට පිළිවෙතක් නැති නිසයි අපි පිරිහෙන්නේ.

අද සුරුට්ටුවටයි ෂොට් එකටයි මුල්තැන. අවුරුදු දහසය වන විට තරුණයෝ මේවට ඇබ්බහි වෙනවා. ඒක අපේ ජාතියේ විනාශය යැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

අහුන්ගල්ල ගල්වෙහෙර ම`ඵවවත්ත පුරාණ රජ මහා විහාරස්ථානානයේ දී පැවැති පින්කමකදී අනුශාසනාවක් පවත්වමින් ඒ හිමියෝ එසේ කීහ.

විහාරාධිපති කිරම දේවින්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම පින්කමේ දී ඥානසාර හිමියෝ මෙසේ ද කීහ.

අපි අවාසනාවන්ත විදියට බෙදිලා විනාශ වෙලා. කල්ලතෝනි බවට පත්වෙලා. මේ අනතුරින් බේර ගන්නනම් අපට විශාල පරිවර්ථනයක්, ආකල්ප වෙනසක් කරන්න වෙනවා. මේ මහා ව්‍යසනයෙන් මිදෙන්න නම් අපි කවුද කියලා පළමුවෙන් දැන ගත යුතුයි. අපි බුදුහාමුදුරුවන්ගේ මිනිස්සු. බුදුහාමුදුරුවන්ගේ සේනාව තමයි බොදු බල සේනාව. අපේ උරුමයන් පිළිබ`ද ලියවිල්ල මහාවංශයයි. ලෝකයේ කිසිම ජාතියකට ලියවිල්ලක් නැහැ. ලියවිල්ලක් තිබෙන එකම ජාතිය සිංහල ජාතියයි. ඉඩමකට ඔප්පුවක් තිබෙනවා වගෙයි අපේ ජාතියට තිබෙන ඓතිහාසික ඔප්පුව මහාවංශයයි. මේවා ගලේ, කටාරම්වල, සෙල්ලිපිවල කොටල තිබෙනවා. අපි කිසිවකුටවත් මකන්න බැරි විදියට සටහන් කරපු ජාතියක්.

ස්ලාම්වරු ඉන්න හැම රටකම පුපුරනවා. සෝමාවතියට අයිති චෛත්‍ය විසි එකෙන් පහළොවක් විනාශ කරලා. චෛත්‍ය උඩ හරක් මරනවා. වෙහෙරයාය කියන නම වෙනස් කරලා පල්ලිය ගොඩැල්ල කියලා බෝඞ් ගහලා. තමන්ගේ එවුන්ට පෙත්සම් ගහන්නේ සිංහල බෞද්ධයෝ. ජාතියක් විදියට ආදරය කළේ නැහැ.

බළපිටිය – අනුර යසමිත්