කිලීගේ බඩු විකුණන්නෙ සජිත් ලවා; සිරස ඇතුළේ තවත් කතාවක් කරළියට

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධ වේදිකාවේ සිදු කළ කතාව සකස් කර ඇත්තේ මහාරාජා සමාගමට වාසි වන ආකාරයට බවට චෝදනා එල්ල වෙමින් පවතී.


එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා සපයන ප්‍රමුඛ ආයතනය වන අයි.සී.එල්. මාකටිං ප්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ මව් සමාගම වන්නේ කැපිටල් මහාරාජා සමූහය වීම යැයි ද සඳහන්.


විශේෂයෙන්ම මෙරට ජනගහනයෙන් කාන්තාවන් මිලියන 07කගේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම සිදුකරනු ලබන්නේ මෙම ආයතන තුළින් බවද දැනගන්නට ලැබේ. ඒ අනුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති හරහා කැපිටල් මහාරාජා ආයතනය ලාභ ඉපැයීමේ මෙහෙයුමක නිරතව සිටින බවද මාධ්‍ය වාර්තා කරයි.


එහි දිගුවක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද අදාළ ප්‍රතිපත්තිය ඇතුළත්ව ඇති බවද දැනගන්නට ලැබේ.


කැපිටල් මහා රාජා ආයතනය යනු සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය ව්‍යාපෘතියේ ප්‍රමුඛයා ලෙස ද පෙනී සිටී.


එහෙයින් සජිත් ප්‍රේමදාස මහතා කැපිටල් මහාරාජා ආයතනයට කෘතගුණ සැලකීමට යාම මේ වන විට බරපතළ කාරණයක් බවට පත්ව තිබේ.


ඊට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ බොහෝ ප්‍රතිපත්ති සකස්කර ඇත්තේ ද සිරස ආයතනයේ මාධ්‍ය ප්‍රබලයින් කිහිපදෙනෙකු විසින් බවද, එය සිය මව් සමාගමට වාසි සහගත ආකාරයෙන් සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.