මාධ්‍ය නිදහස දොරේ ගලයි…! මිලේනියම් CC ගැන සියලු සටහන් Facebook තුල මකා දැමේ..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ITSSL වාර්තාකරණයට කඩිනම් ප්‍රතිචාර දක්වමින් MCC අසත්‍ය තොරතුරු ප්‍රචාරණයට එරෙහිව ෆේස්බුක් සමාගමෙන් දැඩි ක්‍රියාමාර්ග

අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය Millenium Challenge Corporation (MCC) ගිවිසුම සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල අසත්‍ය තොරතුරු ඉතා විශාල වශයෙන් හුවමාරු වන අකාරයක් හදුනාගෙන ඒ පිලිබදව මැතිවරණ කොමිසමට හා ෆේස්බුක් සමාගමට දැනුම් දීමට කටයුතු කරන ලදී.

එම වාර්තා කිරීමට ප්‍රතිචාර වශයෙන් ෆේස්බුක් සමාගම හා Fact Crescendo සමාගම කඩිනමින් MCC ගිවිසුම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු වන අසත්‍ය අන්තර්ගතයන් හදුනාගෙන ඒවා ඉවත් කරලීමට කටයුතු කරමින් පවතී.

ඉදිරියටත් සමාජ ජාල මාධ්‍ය වෙබ් අඩවි වල සංසරණය වන අසත්‍ය තොරතුරු නිරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පිහිටුවා තිබෙන “ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය අවභාවිතය පිලිබදව පැමිණිලි රැස් කිරීමේ ඒකකය” කටයුතු කරන බවට දැනුම්දීමට කැමැත්තෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය