ඉතාලි කෑම කඩයක් කරමින් අලුත් ජිවිතයක් පටන් ගත්ත මාෂි සිරිවර්ධන

අපි හැමෝම හොඳින් දන්නා කෙනෙක් තමයි මාෂි සිරිවර්ධන කියන්නේ.ඇය නිරුපන ක්ෂේස්ත්‍රය තුල  ඉහල නමක් තාබා සිටින ඇය මේ දවස්වල අමුතුම වැඩක් පටන් අරගෙන.ඒ මොකක්ද කියල දැනගන්නත් අරමුණු කරගෙන අපි ඇයත් එක්ක කතාව පටන් ගන්නයි මේ සුදානම් වෙන්නේ.  මාෂි ඔයා මේ ක්ෂේස්ත්‍රයට ආවේ කොහොමද කියල කියන්න බලන්න.

ඇත්තටම මම මේ ක්ෂේස්ත්‍රයට පමිනෙනකොට මම ගොඩක් පොඩියි.මම හිතන්නේ අවුරුදු 15ක් 16ක් වගේ වෙන්න ඇති.මුලින්ම මම සම්බන්ද වුනේ වෙළඳ දැන්වීම් වලට.ඒ වගේම මම අවුරුදු කුමාරි තරඟයටත් ඉදිරිපත් වුනා.එහි ප්‍රතිඵලයක් විදිහට 2016 අවුරුද්දේ මම ITN නාලිකාව මගින් සංවිධානය කරපු අවුරුදු කුමාරි තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබා ගන්න හැකියාව ලැබුනා.එකෙන් ලැබුණු ශක්තිය නිසා මම ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා.හැමෝම මාව හඳුනාගන්නේ ඊට පස්සේ තමයි.පස්සේ කාලයත් එක්ක මම චිත්‍රපටි කිහිපයකටද සම්බන්ධ වුනා.

ඔබගේ 25 වෙන් උපන්දිනය පසුගිය දවසක තිබුනා ඒ උපන්දිනය වෙනස්ම ආකාරයකට තමයි සැලසුම් කරලා තිබුනේ.ඒ ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නේ.

ඇත්තටම මම ඒ දවස්වල ඉඳලාම මගේ උපන්දිනේ දවසේ වැඩිහිටි නිවාස වලට, රෝහල් වලට, ළමා නිවාස වලට, එක එක වර්ගයේ කෑම ජාති හදල දෙනවා.එහෙම තමයි මම මගේ උපන්දිනය සමරන්න පුරුදු වෙලා හිටියේ.ඉතින් මේ සැරෙත් ඒ වගේ පින්කමක් කරලා තමයි උපන්දිනේ සමරුවේ.දවස් තුනක් වගේ පොඩි කාලයකදී තමයි පුබුදු අයියා මටත් හොරාම මාව පුදුම කරවන්න ඒ දේවල් කරලා තිබුනේ.එයත් ගොඩක්ම කාර්යබහුල කෙනෙක්.නමුත් මම වෙනුවෙන් තමයි පුබුදු අයියා ඒ දේවල් සංවිධානය කරලා තිබුනේ.ගෙදර වුනත් ගොඩක් ලස්සනට සරසලා තිබුනා.කේක් එහෙමත් ගෙනල්ල ලස්සනටම ගෙදර ලස්සන කරලා තිබුනා.මම ඉස්සර ඉඳලම ආසා කලේ රෝස පාට වලට.පුබුදු අයියා ඒ නිසාම ඒ දේවල් හැම එකක්ම රෝස පාටින් කරලා තිබුනා.

පුබුදු සහ ඔයා කියන්නේ ගොඩක් ආදරෙන් ඉන්න දේපලක්.විවාහ ජීවිතය ගැන කියන්න තියෙන්නේ මොකක්ද.

ඇත්තටම අපි දෙන්න ගොඩාක්ම සතුටෙන් තමයි කාලය ගත කරන්නේ.මගේ පවුලෙන් හැර මට දැන් තවත් පවුලකින් ආදරේ ලැබෙනවා කිව්වොත් මම හරි.මගේ ජිවිතයට ආදරය රැකවරණය ආරක්ෂාව මේ සියල්ල අඩුවක් නැතිව මට ලැබෙනවා.ඉතින් මේ දේවල් නිසා මම නම් හිතන්නේ ජිවිතයට මොන ප්‍රශනය ආවත් අපි දෙන්නට එය ඉතා හොඳට තේරුම් අරගෙන විසඳගන්න පුළුවන් කියලා.අපේ ගෙවල් වලින් හැම වෙලේම අහන දෙයක් තමයි අලුත් කෙනෙක් පවුලට එකතු වෙන්නේ කවදද කියලා.මම හිතන්නේ කාලයක් අපි මෙහෙම ඉන්න ඕනේ.අපි දෙන්නම කැමති එහෙම ඉන්න.මවක් වෙන්න කියන උතුම් දේ දරාගන්න හොඳින් සුදානම් වෙන්න ඕනේ.ටික කාලයක් අවශ්‍යයි මට ඒකට.

ඔයා අලුත් වැඩක් පටන් ගත්තා කියලා ආරංචියක් ආවා කැෆේ මාෂි කියලා.ඇත්තටම මොකක්ද ඒ.

ඒ අදහස පුබුදු අයියගේ හිතේ තිබුන ලොකු අදසහක්.මේ තියෙන තත්වේ එක්ක ගෙදරට වෙලා ඉන්න ගමන් අපි දෙන්න එක එක කෑම වර්ග හදනවනේ ඉතින් මම රසට උයන නිසා පුබුදු අයියා තමයි කිව්වේ මෙම වැඩක් කරමු කියලා.රසිකයෝ එක්ක අපි කෑම බෙදාගමු කියලා.ඉතින් ඊට පස්සේ රසට අලුත් අලුත් කෑම වර්ග හදන්න ගොඩක් කැමති වුනා.මගේ තාත්තා ඉතාලියේ ජිවත් වුන කෙනෙක්.ඉතින් මම වුනත් ඉතාලි කෑම ගැන හොඳට දන්නවා.ඒ වගේම ඉතින් ලංකාවේ වුනත් ඉතාලි කෑම මිලදී ගන්නවත් තනක්   තැනක් නැහැනේ.අන්න ඒ නිසා අපි කෑම කඩේ පටන් ගත්තෙත් ඉතාලි කෑම වර්ග හදන්න හිතාගෙනම තමයි.දැනට මේ මාෂි කැෆේ කියන තැන චේෆ්ලා කිහිපදෙනේක්ව සම්බන්ධ කරගෙන තමයි කරගෙන යන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *