“ධම්මික පැණිය” වතුපිටිවලදී අත්හදා බැලුවේ නැහැ – රෝහල් අධ්‍යක්ෂ

වතුපිටිවල රෝහලේ හෝ ඊට අනුබද්ධිතව ක්‍රියාත්මක වන කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “ධම්මික පැණිය” නම් ඖෂධය තමන් දැනුවත්ව අත්හදාබලා නැතිබවත්, එවැන්නකට තමන් අනුමැතියක් දී නැති බවත් වතුපිටිවල රෝහල් අධ්‍යක්ෂකවරයා “රාවය” පුවත්පත කල විමසුමකදී පැවසූ බව එම පුවත්පත වාර්තා කර තිබේ.

වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි රෝගීන් 140කට ධම්මික පැණිය දින 3ක් අඛන්ඩව ලබාදී එම රෝගීන් අතරින් අහඹු ලෙස තෝරාගත් දස දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකල බවත් ඔවුන්ගේ ශරීරයෙන් වෛරසය ඉවත්වී ඇති බවත් ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු දස දෙනෙකුට මේ වනවිට කොවිඩ් ආසාධනය වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *