රජයෙන් අළුත් බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක්..! එකක් මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකුට..!

මීට දින කිහිපයකට රජය විසින් අලුතින් බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් ද නිකුත් කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට වාර්තා වේ. සැගවුනු සත්‍යය ජනතාවට හෙලිකරන  Newswallet.lk වෙබ් අඩවියේද මේ පුවත වාර්තා කර ඇත.

ඉහත බලපත්‍ර වලින් එකක් ලබාදී ඇත්තේ ලංකාවේ ප්‍රසිද්ධ ගුවන් විදුලියක ප්‍රධාන විධායක නිලධාරියාටය. 

මාධ්‍ය ආයතන ජනතාවට තොරතුරු සපයනවා වෙනුවට බියර් පෙරන්නට පටන් ගැනීම ද එක්තරා විශේෂ තත්වයකි. එතනෝල් ව්‍යාපාරයට අතගසා සිටින මාධ්‍ය ආයතන ද තිබේ. මෙසේ මෙරට බොහෝ මාධ්‍ය ආයතන වෙන වෙන වෙළඳාම්වලට යොමුවෙමින් සිටින අතර ඔවුන්ගේ පොදු පිළිතුර වන්නේ මාධ්‍ය ආයතන පාඩු ලබන බැවින් වෙනත් ව්‍යාපාරවල නියැළෙන්නට සිදුව ඇතිය යන්නයි. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *