ඔබේ පෙම්වතා ඔබට ඇත්තටම ආදරෙයිද කියලා දැනගන්න පුළුවන් ක්‍රම 08ක්..!

චිත්‍රපට ජවනිකාවල වගේ රෝස මල් පොකුරු, තෑගි,ආභරණ තමන්ගේ පෙම්වතියට තෑගි කිරීම තමයි රොමෑන්ටික් ආදරය කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. මේ වගේ දේවල් තමන්ට නොලැබෙනකොට තරුණියක්ට හිතෙන්න පුලුවන් තමන්ගේ පෙම්වතා තමන් කෙරෙහි ආදරය නොදක්වන බව හෝ උනන්දුවක් නොමැති බව. නමුත්, ආදරය ඒ වගේ සිත සතු‍ටු කරන භෞතික දේවල් වලින් මැනිය හැකිද ? කෙනෙකුගේ සිතේ ඇති ආදරය ප්‍රකාශ වන්නේ ඔහු ලබාදෙන තෑගි වලින් පමණක් නොවෙයි. ඇතැම් විට ඊටත් වඩා වටිනා දේවල් ඔහු කෙරෙන් ඔබට ලැබෙනවා විය හැකියි. තරුණයෙක් තම පෙම්වතියට අවංකවම සහ ඇත්තටම ආදරය කරන බව ඔප්පු කරන විද්‍යාත්මක කරුණු කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ කියන ලක්ෂණ ඔබේ පෙම්වතා තුලත් තියෙනවා නම් ඉන් අදහස් වන්නේ ඔබේ පෙම්වතා මුලු හදවතින්ම ඔබට අවංකවම ආදරය කරන බවයි. ඉතින් ඔබේ පෙම්වතා නිතරම තෑගි දෙන්නේ නැහැ කියා හිත රිද්දගන්න එපා.. මේ ගතිගුණ ඔහුට පිහිටලා තියෙනවා කියා ඔබට සිතෙනවනම් ඒ කියන්නේ ඔබේ පෙම්වතා ඔබට ගොඩක් ආදරෙයි කියන එකයි.

01. ඔහු කතා කරනවාට වඩා වැඩියෙන් සිදුකරන්නේ ඔබට ඇහුම්කන් දීම නම්

බොහෝ පිරිමි පුද්ගලයින් තමන්ගේ වත්පොහොසත්කම සහ ජයග්‍රහණ ගැන උදම් අනමින් කතා කරන්නයි පෙලඹෙන්නේ. හැබැයි, හොඳ ප්‍රේමවන්තයෙක් නම් එහෙම කරනවා අඩුයි. තමන්ගේ පෙම්වතියට වඩාත් හොඳ අවධානයක් ලබාදෙයි. ඇය පවසන දේවල් හොඳින් අසා සිටියි.ඇතැම් විට ගැඹුරින් අරුතක් නොමැති කතාබහ වලදි පවා ඇය පවසන දේවල් උනන්දුවෙන් අසාසිටියි. නමුත්, ඔබේ පෙම්වතා ඔබ කියන කිසිම දෙයක් ගැන උනන්දුවක් නැතිවම මුදල් ගැන හෝ ‍රැකියාව ගැන හෝ පමණක් කතාකරයි නම් ඔබේ ‍තෝරාගැනීම ගැන බුද්ධිමත්ව හිතන්න කාලය හරි කියලයි සිතෙන්නේ.

02. ඔහු ඔබේ මිතුරන් සහ පවුලේ උදවිය ගැන හොඳ සැලකිල්ලක් දක්වයි නම්

හොඳ ප්‍රේමවන්තයෙක් ඔබේ යහළුවන් සහ පවුල ඔහුගේත් යහළුවන් සහ පවුල සේ සලකා කටයුතු කරයි. ඇතැම් විට ඔහු ඔබේ මිතුරන්ට අකමැති විය හැකියි, ඇතැම් විට ඔබේ පවුලේ ඇතැම් අයට අකමැති බව කලාතුරකින් වගේ පවසාවි, නමුත් ඔහු කිසිවිටක ඔවුන් හා ඔබේ ඇති සබඳතාව නවත්වන මෙන් නියෝග නොකරයි. ඔබට ඔහුගේ උදවු උපකාර අවශ්‍ය සෑම විටකම ඔහු ඔබේ අසලින්ම ‍රැඳි සිටියි.

03. ඔබව කිසිවිටෙක නොසලකා හැරීම සිදුනොකරයි නම්

“පැත්තකට වෙලා ඉන්න .මට තනියම මේ දේ විසඳගන්න පුලුවන්. ඔයා පාඩුවේ ඉන්න” මේ වගේ දේවල් කියමින් තමන්ගේ පෙම්වතියව අවතක්සේරු කරන පිරිමි අය ඕන තරම්. නමුත් ඔබට අවංකවම ආදරය කරන පිරිමියෙක් කිසිදා මෙවැනි වචන නොපවසයි. ඔහු තම පෙම්වතිය තමාට සමානවම සලකයි. ඇයගේ අදහස් සහ යෝජනා විමසයි. ඇයගේ සිතුවිලි සහ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩ දෙයි.

04. ඔහු ඔබේ සාර්ථකත්වය ගැන නිතරම ආඩම්බරයෙන් කතාකරයි නම්,අන් අයට පවසයි නම්

ඇතැම් පුරුෂයින් යම් අධි මානයකින් යුතුව කාන්තාවන් තම ජීවිතයේ අරමුණු සහ අපේක්ෂාවන් ජය ගැනීම කෙරෙහි ඉරිසියාවකින් කටයුතු කිරීම හා කුහක ලෙස විවේඡනය කිරීම් සිදුකරති. විශේෂයෙන්ම එසේ සාර්ථකත්වයට පත් විය නොහැකිව අසාර්ථක වූ ඇතැම් අය විසින් එසේ හැසිරෙති. නමුත්, අවංකවම ආදරය කරන පුද්ගලයෙකු තමන්ගේ පෙම්වතියගේ ජයග්‍රහණ ගැන අවංකවම සතු‍ටු වෙයි, ඇයව දිරි ගන්වයි එමෙන්ම, ඇයට උපරිම සහයෝගයක් ලබාදෙයි. එපමණක් නොව ඔහුගේ මිතුරන්සමඟ පවා ඇයගේ සාර්ථකත්වය ගැන ආඩම්බරයෙන් පවසයි.

05. ඔබට කෘතඥතාව පළකරයි නම් ඔබව දිරිගන්වයි නම්

නියම ප්‍රේමවන්තයෙක් අසලදි කාන්තාවක් ජිවිතයේ කිසිදා හුදකලා වන්නේ නැත. ඔහුගෙන් ලැබෙන ‍රැකවරණය සහ ආදරය නිසා ඇයට ඇය විශේෂබවක්, වැදගත් බවක් මෙන්ම වටිනාකමක් ඇති අයෙක් බව හැ‍ඟෙයි. ඔහු කෘතඥපූර්වක වදන් පවසමින් ඇයව දිරිගන්වයි.

06. ඔබ කිසිදා නොඉල්ලූ සැපපහසුකම් ඔබට සලසාදී ඇත්නම්

සෑම සබඳතාවක්ම ගොඩනැගී ඇත්තේ කැපකිරීම් මතයි. අනික් පුද්ගලයා සතුටින් තැබීම වෙනුවෙන් යම් යම් දේ කැපකිරීමට සිදුවීම අවබෝධයයි. ආදරය නොමැති සබඳතාවක් පවතින්නේ එක් පාර්ශවයකින් එල්ලවන පීඩනය මත විනා විශ්වාසය හෝ අවබෝධය පදනම මත නොවෙයි. නමුත්, අවංකවම ආදරය කරන පුද්ගලයෙක් තමන්ගේ පෙම්වතියගේ සතුට පතා හැකි සෑම ලෙසකින්ම ඇයගේ සතුටට හේතු වන දේ සිදුකිරීමට උනන්දුවෙයි.

07. ඔහු දරන මතයට වඩා ඔබේ මතය වෙනස් වුවත් එයට නිසි ගෞරවය ලබාදෙමින් ඔබේ අදහස් පිලිගනියි නම්

යකෙක් වුණත් ආදරය ඉස්සරහා පරදිනවා කියලා කතාවක් තියෙනවානේ. අන් අයගේ අදහස් පිලිගැනිමට කැමති  නැති ඕනම මුරණ්ඩු පුද්ගලයෙකු වුණත් තමන් ආදරය කරන ගැහැණු ළමයා කියන දේ අහනවා කියලයි කියන්නේ. ඔහු ඇයගේ අදහස් විමසමින් ඒවා අනුගමනය කරයි. ඇතැම් විට ඔහු අකමැති වුණත්.

08. ඔහු ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ ඔබට නම්

ඔබට ඔහු ඇත්තෙන්ම ආදරය කරනවා නම් ඔහු ගන්නා සෑම තීරණයක්ම ඔබට හිතෛශීව බලපාන ආකාරයෙන් සිදුකරයි. ඔහුගේ අනාගත සැලසුම් ඉ‍ටුකරගැනීමේදී ඔබට මුල් තැනක් ලබාදෙයි. ඔබ සමඟ වැඩි වශයෙන් කාලය ගත කිරීමට ප්‍රිය කරයි. තම පෙම්වතියගේ කැමති අකමැති දේ කෙරෙහි පවා උනන්දුවකින් කටයුතු කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *