මේ මොහොතේ පළාත් සභා මැතිවරණය අණ්ඩුවට අවාසියි..! සදුදා විග්‍රහය..!

මේ මොහොතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම වර්තමාන ආණ්ඩුවට දැඩි පසුබෑමක් උරුමකරනු අති බව IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජි අධිකාරි මහතා පවසයි.

ජාතික ආරක්ෂාව සුරක්ෂිතයි කි මොහොතක මාවනැල්ල බුදු පිළිමවලට එල්ලවු ප්‍රහාරය නිසා ජනතාව තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබදව තිබු විශ්වාසය පළුදු වී ඇති අතර කොරොනා මරණ භුමදානය කිරිමට රජය තීරණය කළහොත් එය පවතින රජයේ අවසානයේ ආරම්භය වනු ඇති බව ඒ මහතාගේ අදහසයි.

සිංහල ජනාධිපතිවරයා ලෙස බලයට පැමිණ මේ වනවිට ජාතිකවාදි සළුපිළි පසෙකලා අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා පවසන ලෙසින් රූකඩයක් වෙමින් නටන ගෝඨාභය රාජපක්ෂ හට සිරිසේන ජනාධිපතිවරයා තම ධුරකාලයේ ලත් අවමානයට වඩා අවමානයක් මේ වනවිට උරුම කරගෙන ඇත.

ඒ අතරම ජනාධිපතිවරයා ගැසට් ගසමින් ප්‍රකාශයට පත්කරන ලද ඇතැම් නිවේදන යතාර්ථයක් නොවීම හමුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ජනතාව ප්‍රසිද්ධියේ දෝෂදර්ෂණයට ලක්කිරිම මේ වනවිට ආරම්භ වී ඇත.

උදාහරණයක් ලෙස සහල් මිල පාලනයට ගැසට් ගැසීම ඩඩ්ලි සිරිසේන නැමති සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයා හමුවේ අකුලාගත් ආකාරය ජනතාවට අමතක නැත.

කුරුණෑගල නගරාධිපතිවරයා අමාත්‍ය ජොනිස්ටන් ප්‍රනාන්දුගේ සෙවනේ සිට සිදුකරන පුරාවිද්‍යා විනාශයන්ද ජනතාව ඉතා අවධානයෙන් බලාසිටින අතර පාස්කු ප්‍රහාරයේ චෝදනා වලින් බදියුදීන්ගේ සොහොයුරා නිදොස්කොට නිදහස් කර 20ට මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ලබාගත් ආකාරයද ජනතාවට අමතක නැත.

මේ සියළු කරුණු සලකන විට ජනතාව ඉදිරි පළාත් සභා මැතිවරණයේදි ආණ්ඩුවට රතු එලිදක්වනවා නියත බව ඒ මහතාගේ අදහසයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *