යුක්රේන සංචාරකයන් ගේන්නේ මිග් යානා ගණුදෙනුවේ කළු සල්ලි සුදු කරගන්න..! උපුල් මාලේවන

අද රටේ පවතින සෞඛ්‍ය නීති වලට පවා අභියෝග කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව බල්ලාට දමමින් රාජපක්ෂවරුන්ගේ සුවච කීකරු ගෝලයෙකු වන හිටපු තානාපති උදයංග වීරතුංගගේ උවමනාවට යුක්රේන සංචාරකයන් සියගණනින් ලංකාවට ගෙන එන්නේ 2015ට පෙර මහින්ද ජනපති කාලසමයේ එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා සිදුකළ මිග් යානා ගණුදෙනුවේ කළු සල්ලි සුදුකරගැනීමේ මෙහෙයුමේ උපක්‍රමයක් ලෙසින් බව අප වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආයුර්වේද වෛද්‍ය උපුල් මාලේවන මහතා පවසයි.

අද වෙද්දි සෞඛ්‍ය අංශ නිලධාරින් සහ ලංකාවේ නීතිය බල්ලෝ ගානට දාලා තමයි මේ ආපු යුක්රේන ජාතිකයෝ හැසිරෙන්නේ. මුහුණු ආවරණ නැතිව තමන්ට හිතුමනාපේ තැන් තැන්වල යනවා. උන් එක්ක තුරුළුවෙලා ඉන්න උදයංගව නිරෝධායනය කරන්නේ නැතිව අර එදාවේල හොයාගන්න රස්සාව කරන රියදුරන්ව නිරෝධායනයට යවනවා. එක රටක් එක නීතියක් කියාගෙන බලයට ආපු හිස්ටින් එකක් වෙච්චි ජනාධිපතිවරයා අමුම අමු පඹයෙක් බව පේනවා මේ සිදුවීමෙන්ම. වැදගත්ම කරුණ අර නිරෝධායනයට දාපු රියදුරු සමාජ මාධ්‍යයට හඩපටයක් නිකුත් කරමින් තමන්ව රැවට්ටුවා කියලා සාපකරනවා රාජපක්ෂලට. කරුණු හොයලා බැලුවම ඔහු ප්‍රබල රාජපක්ෂ හිතවාදියෙක්. අද රටේ තත්වය ඕකයි. අද 69 ලක්ෂයම අනාත වෙලා ඉන්නේ. ආණ්ඩුව පළාත් සභා යටගහලා ඉන්න උත්සහ කරන්නේ ඔවුන් දන්නවා මේ වෙලාවේ ජනතාව ආණ්ඩුවට රතු එලිය පෙන්වන බව. අපි අභියෝග කරනවා පුළුවන් නම් මේ වෙලාවේ පළාත් සභා කැදවලා දිනවලා පෙන්වන්න කියලා.

යුක්රේනය කියන්නේ දුප්පත් රටක්. ඔය මල්මාලා දාලා කැදවාගෙන එන සංචාරකයෝ ඩොලර් 2000ක් වියදම් කරන මිනිස්සු නෙමෙයි. හොදටම පේනවා මෙතන යටි අරමුණක් තියෙන බව. ලෝකෙම වැටිලා තියෙන වෙලාවක ලෝක ආධාර නැතිව එකපාර ලංකාවේ ආර්ථිකය ඉහල යනවා කියලා බොරු සංඛ්‍යාෙල්ඛණ ඉදිරිපත් කරන ආණ්ඩුව මේ හදන්නේ අන් කිසිවක් නෙමෙයි යුක්රේන සංචාරකයන්ට මුවාවෙලා විදේශ මුදල් ලංකාවට එනවා යැයි කියමින් යුක්රේනයේ බැංකුගත කරලා තියෙන මිග් ගණුදෙනුවේ සල්ලි සුදු සල්ලි බවට පත්කරගෙන රට තුලට ගේන්න. රාජපක්ෂවරු බලයට ආපු ගමන් කොහොමත් ඔය වගේ වංචා සිදුකරනවා. ඒක ඔවුන්ගේ සිරිත.

අද වෙද්දි ලංකාවේ මුදල් සංසරණයක් නෑ. ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර කඩාවැටෙද්දි ගජමිතුරු කල්ලියේ කිහිපදෙනෙකුගේ ව්‍යාපාර විතරක් ශක්තිමත් වෙනවා ලංකාවට එන අසරණ ශ්‍රි ලාංකිකයන්ව නිරෝධායනයට ඒ හෝටල් වලට යවලා ඔවුන්ගේ මුදල් කොල්ලකන්න රජයෙන්ම අවස්ථාව හදලා දීලා තියෙන නිසා.

පහුගිය මාස කිහිපය තුල සියදිවි නසාගැනීම් බහුලවෙලා. එදිනෙදා ආදායම් ලබන ජනතාව අනාත වෙලා. රාජ්‍ය සේවකයන්ට කිසිදු දීමනාවක් නෑ. ජනතාව අනාත වෙලා ඉන්නේ.

එක රටක් එක නීතියක් කියලා ආවට රාපක්ෂලට සහ ඔවුන්ගේ කල්ලියට එක් නීතියකුත් රටේ සාමාන්‍ය ජනතාවට වෙනම නිතියකුත් කියන දේ මේ වෙද්දි ජනතාව ඉතා හොදින් තේරුම් අරගෙන තියෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *