ජනපති, සුමන හිමිව නිදහස් කළ අයුරින්ම දුමින්දවද වහා නිදහස් කරනු..! විමල් – ජී ඇල් සටනට..!

ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලබාදීමට හැකි බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කළේය.

කොළඹදී අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

” ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවුයේ උන්වහන්සේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව නිසයි. නමුත් දුමින්ද සිල්වාගේ නඩුවට අදාළව තීන්දුව ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ බලපෑම් එල්ල වුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඒ වගේම එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකළ දුරකථන සංවාදවල හඬ පට නිකුත් වුණා. ඒවගෙන් තේරුම් ගන්න පුළුවන් දුමින්ද සිල්වාගේ නඩුවට බලපෑම් එල්ලවුවා කියලා. ඌවතැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දුන්නා වගේ දුමින්ද සිල්වාටත් සමාව ලබාදීමට හැකියි කියලා අපි කියනවා” අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටියේය.

මේ අතර

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අසාධාරණයක් සිදුව ඇති බවට සාක්ෂි පැහැදිලිව ඇති බැවින් ඔහුට ජනාධිපතිවරයා විසින් සාධාරණයක් ඉටු කරන්නේ නම් එය වැරදි යැයි කිසිවකුටත් කිව නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

“මරණීය දණ්ඩනයට නියම වෙලා ඉන්න පුද්ගලයෙකුට විධායක ජනාධිපතිවරයා සමාව දීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියා පටිපාටියක් හදලා තියෙනවා. ඒ අනුව ඒ තීරණය ගැනීමට පෙර ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් කළයුතු දේ තමයි නඩුව අහපු විනිශ්චයකාරතුමාගෙන් වාර්තාවක් ඉල්ලා සිටීම. ඊට පස්සෙ නීතිපතිතුමාගෙන්. නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් අදහස් විමසනවා ඒ අභිචෝදක පක්ෂය මෙහෙයවපු නීතීඥවරයාගෙන්. එතකොට ඒ වාර්තාවත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. ඒ වාර්තා දෙකම සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යුතුයි අධිකරණ ඇමතිවරයාට. එතකොට අධිකරණ ඇමතිවරයා මේ වාර්තා දෙකම සැලකිල්ලට භාජනය කරලා ඒ පිළිබඳ නිර්දේශයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම තමයි ඒ සමස්ත ක්‍රියාදාමය. ඉතිං ඒ නිසා ජනාධිපතිවරයාට තනියම තීරණයක් ගන්න බෑ. ඊට අදාළ තව පුද්ගලයින් තුන්දෙනෙක් ඉන්නවා. ඒ නඩුව අහපු විනිශ්චයකාරවරයා, නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා. ඒක තමයි උචිත ක්‍රියාදාමය….” යනුවෙන් අමාත්‍යවරයා සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *