යුක්රේන හිපියෝ ගෙනත් රුපියල ස්ථාවරයි කියන්නේ අමුම අමු විහිළුවක්..! උපුල් මාලේවන

වර්තමාන රජය මේ වනවිට සියල්ල අනාගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආයුරුවේද වෛද්‍ය උපුල් මාලේවන මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා..

අද වෙද්දි රාජපක්ෂලා යුක්රේන සරණාගතයෝ ලංකාවට ගෙනල්ලා රුපියල ස්ථාවරයි කියලා පෙන්වන්න උත්සහ කරනවා. ඩොලර් 2000ක් වියදම් කරගන්න බැරි හිපියෝ ආවම කොහොමද ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඒ කාලෙත් මෙයාලා කලේ ස්වාසිලන්තය වගේ ලෝකය කොන් කරපු කොළ අතු අදින රටවල නායකයන්ව මෙහාට ගෙනාපු එකනේ.

රාජපක්ෂලා හරි දක්ෂයි කොළම්බස්ටත් එහා ගිහින් ලෝකේ නොදියුනුම රටවල් හොයාගෙන ඒ රටවල් එක්ක ගණුදෙනු කරන්න. මොකද ඒ සල්ලි සියල්ල එන්නේ රාජපක්ෂලාගේ සාක්කු වලට. එතකොට සංවර්ධනය වෙන්නේ රට නෙමෙයි රාජපක්ෂලා..

අද වෙද්දි ලෝකේ නව කොරෝනා ප්‍රෙබ්ද 05ක් අළුතින් ඇවිත් තියෙනවා. ඒවා හදුනාගන්න උපකරණ ලංකාවේ නෑ කියලා වෛද්‍යවරු කියද්දි අර ගම්පහ බඩ මහතා ඇමතිවරයා කියනවා ගුවන් තොටුපළ අරිනවලු. මෙයාලා රට නන්නන්තාර කරන්න හදන්නේ. අත්දැකිම් නෑ. බොරු කයිවාරුව විතරයි.

අද ගමේ පාසල්වල ළමයිට අන්තර්ජාල පහසුකම් නෑ. අන්තර්ජාල පහසුකම් නෑ. 4G නෑ. ඒ ළමයි කොහොමද ඉස්සරහට එන්නේ. ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නෑ ඒ ගැන.

අද වෙද්දි ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියමින් බලයට ආපු ගෝඨාභය යටතේ ස්වාමින් වහන්සේලා ඝාතනය වෙනවා. බුදු පිළිම කැඩෙනවා. ඒ කාලේ ඡන්දය දෙන්න ආපු මිනිස්සු කිවුවේ කන්න නැතත් කමක් නෑ රටක් ඕන කියලා. හැබැයි මේ වෙද්දි කන්නත් නෑ. රටත් නෑ.. මෙහෙම ගියොත් ලංකාව චීන කොළණියක් වෙලා තමයි නවතින්නේ.

මෙයාලා කහ මිල වැඩි කළා. කුඩු පුච්චගන්න බැරි කොන්ද පණ නැති ජනාධිපතිවරයා කහ පිච්චුවා. ඉසසර හැමදාම වැඩ ඉවරඋනාම මත්ස්‍ය වෙළදසැල්වල මිනිස්සු කහ දියර ඉහලා තම වෙළදසැල සුද්ද පවිත්‍ර කරනවා. දැන් කහ නෑ.. විෂබීජ වැඩියි. කොරෝනා බෝවන වේගය වැඩිවුනේ එහෙමයි.

අද වෙද්දි කොරෝනා නැති මනුස්සයෙක් හොයාගන්න බැරිවෙන තත්වයට කොරොනා සමාජගතවෙලා. ආණ්ඩුව ෆේලා. සරුත් ෆේල්.. මේ විදියට මන්ද බුද්ධික විදියට රට පාලනය කරන්න ගියොත් ලංකාවත් නවතින්නේ රුවන්ඩාව බුරුන්ඩි වැනි රටවල් වල තත්වයට පත්වෙලා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *