සමීක්ෂණ පුවතින් ආණ්ඩුව කැළඹෙයි..! පළාත් සභා ගැන කථා එපා..! කතිකයන්ට උපදෙස්..!

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකරන ලද ජනමත සමික්ෂණයක සැගවුනු ප්‍රතිඵල පිළිබදව පුවත සැමට ප්‍රථමයෙන් අප තොරතුරු වාර්තා කිරිමෙන් පසුව ආණ්ඩුව මහත් කැළඹීමකට ලක්ව ඇති බව ආණ්ඩු අභ්‍යන්තර ආරංචි මාර්ග අපට වාර්තා කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පළාත් සභා මැතිවරණය කල්දැමිමේ උත්සහයක නිරතවී සිටින පසුබිමක මැතිවරණය පැවැත්වීමට උත්සහ දරන බැසිල් රාජපක්ෂ මහතාටද විවේචන එල්ල වී ඇති බව සදහන්.

එම පුවත ජනගත වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ ප්‍රබලයන් විසින් බැසිල් රාජපක්ෂ මහතා හට දුරකථන ඇමතුම් ලබාදෙමින් මේ පිළිබදව විමසා ඇති අතර කෙසේවෙතත් එහිදීද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණයෙන් පවසා ඇත්තේ මැතිවරණය ජයග්‍රහණය කිරිමට හැකි බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *