ඉන්දියාවේ විදේශ ඇමති ආවේ ලංකාවට ආදරේට නොවේ..! 13ට අත තියන්න එපා කියන්න..! උපුල් මාලේවන

ඉන්දියානු විදේශ අමාත්‍යවරයා හදිසියේම ලංකාවට පැමිණිමේ සැබෑ හේතුව ආණ්ඩුව පවසන පරිදි කොරෝනා එන්නත ලබාදීම පිළිබදව සාකච්ඡාවට නොව, කිසිලෙසකින් හෝ 13වන සංශෝධනයට අත නොතබන ලෙසට රජයට දැන්විමට බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂ නායක ආචාර්ය උපුල් මාලේවන මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

මහින්ද රාජපක්ෂ බලයට පැමිණි විගස ඉන්දියාවට ගිහින් 13ට එහා ගිය බලය බෙදීමක් පිළිබදව ඉන්දියානු ජනාධිපතිවරයා වන නරේනද්‍ර මෝඩි මහතාට පොරොන්දු වෙනවා අපි දැක්කා. ඒත් ආණ්ඩුවේ ඉන්න මොලේ කලදක් නැති සරත් වීරසේකර වගේ ලද බොලද අමාත්‍යවරු පළාත් සභා අහෝසි කරනවා වැනි ප්‍රකාශ කරද්දි 13ට අත තියලා අහුවෙන්න එපා යන පණිවිඩය දිලා යන්න තමයි ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ලංකාවට ආවේ.

මාධ්‍යයට පේන්න ඉන්දියාවේ කොවිඩ් එන්නත ඉස්සෙල්ම ශ්‍රි ලංකාවට ලබාදෙන බව ප්‍රකාශ කලාට ඇත්ත කතාව ඒක නෙමෙයි. අපේ මැති ඇමතිවරුන්ට අත්දැකීම් නෑ. කිසිදු දේශපාලණ අත්දැකිමක් නැති ගෝඨාභය වැනි අයෙකු ජනාධිපති උනාම ඔවැනි දේවල් වෙනවා. ඔහු පඹයෙක් කියන දේ මේ වෙද්දි ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි සමස්ත ලෝකයම තේරුම් අරගෙන ඉන්නේ.

ශ්‍රි ලංකාවේ මිනිස්සු රවට්ටන්න රජය කාලෙන් කාලෙට විවිධ ගැටළු නිර්මාණය කලාට ඒවායින් ලෝකෙ රවට්ටන්න බෑ කියන එක මේ මෝඩ පාලකයන්ට තාම වටහාගන්න බැරිවෙලා තියෙනවා. මේ වෙද්දි රුපියල බාල්දු වෙලා ඩොලරය ශක්තිමත් වෙමින් යනවා. රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ රුපියල ශක්තිමත් කරන්න. ජෝතිපාල කැසට් ගැහුවා වගේ ගැසට් ගැහුවට රුපියල ශක්තිමත් වෙන්නේ නෑ. ඒකට ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍යයි.

ලංකාවේ මෝඩ විදේශ ප්‍රතිපත්තිය නිසාවෙන් තෙවන ලෝක යුද්ධයට ලංකාව හේතුවක් වෙන්න ප්‍රළුවන්. මේ පාලකයන්ට අනාගතය පේන්නේ නෑ.

ඇමරිකාවේ වැඩිසිටියෙක් වෙනුවෙන් ඒ රජයෙන් මසකට ඩොලර් 15000ක් වගේ මුදලක් වැයකරනවා. කොරෝනා නිසා වැඩිහිටියන් මියයාම ඇමරිකාවට ආර්ථික ප්‍රතිලාභයක්. හැබැයි ලංකාවේ වැඩිහිටියන් ලංකාවට සම්පතක්. අපි ඔවුන්ව රැකගන්න අවශ්‍යයි. හැබැයි මේ වෙද්දි රජය වැඩිහියන්ට දීපු පොලි අනුපාතය පවා පහත හෙලලා තියෙනවා. මෙහෙමද සංවේදි කියන පාලකයෝ වැඩකරන්නේ..? මේ වෙද්දි ජනතාව අවබෝධ කරගෙන තියෙනවා ඔවුන් රැවටීමකට ලක්වුනා කියන දේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *