රැවටුනා පමණි..! චූන් එකට ෆෝම්වෙලා මාධ්‍ය කැදවලා විපක්ෂයට බැනපු තැන්පත්කරුවන්ට අද කවුරුත් නෑ..!

එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කළ සැනින් මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රංජන් රාමනායක මහතාට බැණ වැදුනු ETI තැන්පත්කරුවන්ගේ සංගමය අද වෙද්දි අනාථ වී ඇති බව IMP Media Solutions ආයතන ප්‍රධානි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි.

මාධ්‍ය හමු කියන්න කලින් ඒ කට්ටිය බලන්න ඕනේ එදිරිසිංහලව අධිකරණයට ඉදිරිපත්ට කරන්නේ මොන චෝදනා වලටද කියලා..? ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළේ වෙනත් චෝදනාවකට. ඒක අවබෝධ කරගන්නේ නැතුව කාගේ හරි කතාවකට රැවටිලා ළග පිකප් වෙලා මාධ්‍ය හමු කැදවලා විපක්ෂයට බැනලා අතිගරු ජනාධිපතිතුමනි ස්තුතියි කියලා අන්තිමට හවස් වෙද්දි එදිරිසිංහලා ඇප මත නිදහස් වෙලා ගෙදර යද්දි තමන් රැවටුනා කියලා තේරුම් යද්දි පාරේ රස්තියාදු වෙමින් හිටපු අහිංසක මිනිස්සු ටික තමන් උදේ ගුණ වයපු ජනාධිපතිවරයාටම පඹයා කියලා බනිනවා.

ඒ මිනිස්සු කල්පනාවෙන් වැඩකළේ නැත්නම් හැමදාම රැවටි රැවටි මහ පාරේම ඉන්න වේවි. වැඩි පොලියක් ගන්න හිතාගෙන අතේ තිබ්බ සබ්බ සකලමනාවම තැනපත් කරලා රැවටුනා මදිවට මේ වෙද්දි දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වෙලා ඔවුන් තවදුරටත් රැවටෙනවා. මේක මහා ඛෙදවාචකයක් යැයි අධිකාරි මහතා වැඩිදුරටත් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *