ගෝඨා නිහඩයි..! ආර්ථිකය හඩයි..! මන්ත‍්‍රි වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස්..!

අටවෙනි පාර්ලිමේන්ව හෙවත් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට නියමිත බලපත‍්‍රයට ගෙන්වන වාහන මෝටර් රථවාහන බද්ද මත පනවන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මුදල් පනත යටතේ මෙම නිදහස් කිරීම සිදුකර ඇත්තේ වහාම කි‍්‍රයාත්මකවනපරිදිය. ඊට අදාල නියෝගය මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අති විශේෂ ගැසට් පත‍්‍රයක් ලෙස ජනවාරි 5 වැනිදා නිකුත් කර ඇතත් එහි මුද්රණ පිටපත තවම නිකුත් කර නැත. එම ගැසට් නිවේදනයට අදාල මූල්‍ය ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තු නිවේදනය අනුව, එම නියෝගය පසුගි දෙසැම්බර් 31 වන දා සිට කි‍්‍රයාත්මක වේ.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර 2019 ඔක්තෝබර් 31 දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් වාහන ආනයනයේ සුඛෝපභෝගී බද්ද සම්බන්ධ නියෝග පනවා ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතා කර ඇත්තේ, එම නියෝගයට හා ඊට අදාල අනෙකුත් ගැසට් පත‍්‍ර නියෝගවලට අදාළ වන පරිදි බලපත‍්‍ර මත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ආනයනය කරන වාහන සදහා එම බද්ධ ඉවත් කිරීම බව අනිද්දා පුවත්පත වාර්ත කර තිබෙනවා.

එක් එක් වාහන කාණ්ඩයේ ඇති සාමාන්‍ය වාහනවල මිලට වඩා වැඩි මිලක් ඇති වාහන ගෙන්වීමේ දී හෙවත් මිල අභිබවා යෑමේදී මෙම සුඛෝපභෝගී ආනයන බද්ද පැනවීම සිදුකෙරේ.

බලපත‍්‍රයක් මත වාහන ගෙන්වීමේ දී බලපත‍්‍රයේ සදහන් මිල සීමාව ඉක්මවා වාහනයක් ගෙන්වීමේ දී සුඛෝපභෝගී ආනයන බද්ධ අය කෙරේ. කෙසේ වෙතත්, වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ට තවම වාහනස ආනයන බලපත‍්‍රය ලබා දී නැත.

මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත‍්‍රය අනුව, ලෝකයේ තිබෙන සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ හැකියාව තිබියදී, මේ බද්ධ ඉවත් කිරීමෙන් අදහස් වන්නේ, ඊටත් වඩා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සදහා නියෝගකිරීමක් බව රේගු නිළධාරියෙකු සඳහන් කර තිබෙනවා.තත..ත

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *