නන්දසේන අද නෙලමින් ඉන්නේ ඔහු වපුරපු බීජවල අස්වැන්න..! උපුල් මාලේවන කියයි..!

ශ්‍රි ලංකා දේශපාලනය උඩු යටිකුරු කරමින් ජනාධිපතිවරන මැතිවරණ ව්‍යාපාරය ජාතිවාදයෙන් සහ බෝම්බයෙන් ආරම්භ කරමින් තමන් විසින්ම නිර්මාණය කරගත් විවිධ කුමන්ත්‍රණ සහ සිදුවිම් හුවාදක්වමින් ජනතාව මුලාකරමින් තනි සිංහල ආණ්ඩුවක් හදාගත් නන්දසේන ජනාධිපතිවරයා සිංහල බෞද්ධයාගේ කරට අඩිය තබා මුස්ලිම් ජනතාවගේ කරමතින් ලබාගත් අසීමිත බලය රටේ දියුණුවට ආරෝපණය කරගත නොහැකිව මංමුලාවුවන් සේ නොයෙක් තර්ජන ගර්ජන කරමින් රගපෑමක නිරතව සිටින මෙවැනි ඛේදජනක අවස්ථාවක් ශ්‍රි ලාංකේය දේශපාලණය තුල අප කිසිදිනෙක මීට පෙර අසා හෝ දැක නැති බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආචාර්ය උපුල් මාලේවන මහතා පැවසීය.

අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකලේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

ජනපති චන්ද්‍රිකා මැතිණියගේ ආන්ඩුව විවේචනය කරමින් චෞර රැජින ලෙස පොතක් ලියු වික්ටර් අයිවන් මහතා ඒ පිළිබදව මේ වනවිට පසුතැවෙනවා ඇතැයි මා සිතමි. චන්ද්‍රිකා මැතිණියගේ කාළ සිමාව තුල අපි දැකපු විශේෂ දූෂන ක්‍රියා 03ක් මා මතක් කිරිමට කැමැත්තෙමි.

  1. තවක්කාල් සිදුවීම
  2. එයා ලංකා ගණුදෙනුව
  3. චැනල් 09 සිදුවීම වැනි චෝදනා ඇයට එල්ලවිය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු දකුණු ආසියාව සෙලවී ගිය අවස්ථා කිහිපයක් අපට දක්නට ලැබිණි. දකුණු ආසියාව මින් පෙර රාජ්‍ය දේපල මංකොල්ලාකෑම සම්බන්ධයෙන් කම්පනයට ලක්ව තිබුනේ සුහර්තෝලා පොල්පොට්ලා වැන්නන්ගේ රාජ්‍ය දේපළ මංකොල්ලාකෑම් සම්බන්ධයෙන් වන අතර ඔවුන් හොරකමට සුවිශේෂ වාර්තා තබා තිබු නායකයන්ය. ඒ සියළුදෙනා පරයමින් රාජපක්ෂ පාලනය සාර්ථක ලෙස ඉදිරියට පැමිණ අවසාන අවස්ථාවේදි රටේ රාජ්‍ය සේවකයන් හට තම සේවය වෙනුවෙන් ලැබිය යුතු වේතනය පවා ගෙවාගත නොහැකිව ගැටළු ගණනාවකට මුහුණදුන් අවස්ථාවක් අප පළමුවරට දැක්කේ රාජපක්ෂ පාලන සමය තුලදීය.

ඉන්පසුව ලෝක මුල්‍ය අරමුදල (IMF) අපට ණය සහ ආධාර ලබාදිම ප්‍රතික්ෂේප කිරීමත් සමග මහින්ද ජනාධිතිපතිවරයාට නොසිතු අවස්ථාවක මැතිවරණයකට යාමට සිදුවිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවත් අසරණ වු අවස්ථාවක් නම් අධික ආදායම් සහ ලාබ සහිත නොබැදි ජාතින්ගේ ක්‍රිඩා උළෙල ශ්‍රි ලංකාවට නොලැඹීමත් අධික වියදම් සහිත නොබැදි සමුළුව ශ්‍රි ලංකාවේ පැවැත්වීමට සිදුවිමත් වන අතර එම සිදුවීම අප දකින්නේ කෙසෙල් ගෙඩියක් මිරිකුවිට ලෙල්ල අතේ රැදි ගෙඩිය ඕස්ට්‍රේලියාවට පැණිමක් ලෙසය.

එදා 2015 රාජපක්ෂ ජනාධිපතිවරයා ලද පරාජයෙන් පසුව පාක්ෂියන් ඇතුළු සියල්ලන් දුක්වෙද්දි සතුටු වු අතලොස්ස අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද සිටින බව ප්‍රසිද්ධ රහසකි.

අද වනවිට නන්දසේන ජනාධිපතිවරයා අත්දැකිම් අඩුකමත් දේශපාලන වශයෙන් කටයුතු කිරිමේ නොහැකියාවත් තුල විශ්‍රාමික හමුදා නිලධාරින් සියළු තැන්වලට පත්කිරිම තුල රාජ්‍ය සේවකයන් හට දැඩි පීඩනයක් එල්ල කිරිම මගින් රටේ ඵලදායිතාවය නැතිවීගිය අතර මුදල් සංසරණයවීම ක්‍රමානුකූල නොවීම නිසා දැවැන්ත ව්‍යාපාර කඩාවැටීම තුලත් රට අසාදු ලේඛණ ගතවිම මගින් අනායන අපනායන සියල්ල නතරවි ඇති අවස්ථාවක, ලෝකයම අර්බුධයකට මුහුණ දෙන අවස්ථාවක, ශ්‍රි ලංකාව අසාර්ථකත්වයට පත්වීමට හේතුව අන්කිසිවක් නොව මේ රජය යටතේ සිදුවන සියළු ගණුදෙනු පුද්ගලයන් 04 – 05ක් අතර හුවමාරුවීමත්, රට තුල මුදල් සංසරනය නොවීමත් ඒ තුලින් පුද්ගලයන් කිහිපදෙනෙක් අධික ලාභ ලැබීමත් යන ප්‍රධාන හේතුන්ය.

රටක නායකයෙකු ගත යුතු තීරණ වලින් ප්‍රධානතම තීරණය වන්නේ සියල්ලටම ප්‍රථම රටද නැත්නම් තමාද යන්නය. එහිදි වැරදි තින්දු තිරණගත් මේ රජය මුල සිටම සියල්ල වරද්දාගෙන ඇත.

මෛත්‍රිපාල දේශපාලණයේ විධායක බලතල පාවිච්චි කරමින් මෛත්‍රි ජනාධිපතිවරයා දින 52ක තුල මන්ත්‍රිවරුන්ට ප්‍රසිද්ධියේ අල්ලස් ලබාදෙන්නට උත්සහා කරමින් පාර්ලිමේන්තුව තුල තම මතය තහවුරු කිරිමට දැරූ උත්සහය අපට අමතක නැත. ඉන්පසු බලයට පැමිණි නන්දසේන ජනාධිපතිරයා තමන්ට රට ගොඩනගිමට නෙැහැකිබව සනාථවීමත් සමගින් ඔහුට එල්ල වු සර් ෆේල් සහ පඹයා වැනි විවේචන ඉහල යාමත් සමගින් හොදින් හෝ නරකින් මෙය කරනවා කියා මාධ්‍ය ඉදිරියේ සිදුකරන ලද රගපෑමේ ඇතුලාන්තය අපි දකින්නේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට ප්‍රසිද්ධියේ සිදුකරන තර්ජනයත් සමගය. නන්දසේන ජනාධිපතිවරයා ඔය තර්ජනය කලයුත්තේ ඔහුගේ අසාරථක බව රටට හෙලිකරන හරීන් ප්‍රනාන්දුලට නොව ශ්‍රි ලංකා හැදුනුම්පතින් තේ රොඩු පිටරට යවන හොර ව්‍යාපාරිකයන්ටත් මේ රට කුඩුවලින් පුරවන දේශපාලකයන්ටත් බව හොදින් මතක තබාගත යුතුය.

ආගමික වශයෙන් මහා සංඝරත්නය පාරාජිකා කිරිම පාපයකි. විශ්වයේ බලගතුම ස්ථානයක් වන රුවන්වැලි සෑය අභියසදී පාක්ෂිකයන් සමග හැසිරුනු ආකාරය රටට සංස්කෘතියට කිසිසේත්ම නොගැලපෙන බව සදහන් කළ යුතුමය. මැතිවරණ ව්‍යාපාරයේදි ඔවුන් විසින් ලබාදුන් පොරොන්දු කිසිවක් අද ඔවුනට මතක නැත. පසුගිය මැතිවරණ කිහිපයම කට මැත දොඩමින් බොරු පොරොන්දු දෙමින් දිනාගත් මැතිවරණ බව ජනතාවට දැන් ඔප්පු වී හමාරය.

ඉන්දියාවේ සාක්ෂරතාවය 60% ආසන්නයේ වුවද ශ්‍රි ලංකාවේ සාක්ෂරතාවය 100% ආසන්නයේ පවති. නමුත් ඉන්දියාවේ පීල්ල උඩ දුවන දුම්රිය අනතුරට ලක්වුවහොත් අදාල ඇමතිවරයා පැය 24ක් තුල ඉල්ලා අස්වනු ඇත. ශ්‍රි ලංකාවේ දුම්රිය අනතුරක් සිදුවුවහොත් අදාළ ඇමතිවරයා ඉල්ලා අස්වීම පසෙක තබා අනතුරට ලක්වු දුම්රිය වෙනුවට ලොකේ කොහේ හෝ රටක ඉවතදමා ඇති දුම්රියක් මෙරටට ඇනවුම් කිරිමට හෝ අධික කොමිස් සහිත දුම්රියක් මෙරටට ගෙන්වීමට උත්සහ කරනු ඇත.

අද රට ලෝකයෙන් ණයක් හෝ ආධාරයක් නොලැබෙන තත්වයට පත්ව ඇත. ඒ තුල රට තුල විටින් විට විශාල ප්‍රමාණයෙන් මුදල් අච්චු ගැසිමක් අපට දක්නට ලැබිණි. එහි ප්‍රතිඵල නොබෝ දිනකින් අපට දක්නට ලැබෙනු ඇත. බුරුන්ඩි ඉතියෝපියාව ඉන්දුනිසියාව රුවන්ඩාව වැනි රටවල ජනතාව සිදුකරනවාක් මෙන් පාන් ගෙඩියක් මිලදී ගැනීමට විල්බැරෝවක මුදල් රැගෙන යායුතු කාලය අතළග බව සදහන් කළ යුතුමය.

රටේ තරුණ පරම්පරාව හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කළ යුතු සුවිශේෂි කාල පරාසය පැමිණ ඇත. අද මේ විනාශ වන්නේ තරුණයන්ගේ හෙට දවස මිස නන්දසේනලාගේ හෙට දවස නොවන බව මුලාවී සිටින තරුණ පරම්පාරවට වටහාදෙමින් ඔවුන්ව මේ විපතෙන් ගලවා ගැනීම දේශපාලන නායකයන් ලෙස අප සියල්ලන්ගේ වගකීම බවද මාලේවන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *