සභාපතිගේ වැරදි මට කියන්න එන්න එපා.! ඌ මගේ එකා.! වීරකැටිය සභා රකින්න මහින්ද-නාමල් සටනට.!

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනආරච්චි විසින් 2020 මාර්තු සහ අප්‍රේල් අතරතුර ප්‍රාදේශිය සභාවේ , 43-3018 අංක දරන වතුර බව්සරයට ටයර් හයක් මිලදී ගැනීම සදහා මිලගනන් කැදවා, වීරකැටිය නගරයේ ටයර් කඩතිබියදීත්, කටුවන සභාවට අයත්. වෙනත් නගරයක් වන මිද්දෙණිය නගරයේ අලවිසැලකින් වැඩිපුර මිලකට මිලදීගෙන ඔහුගේ පුද්ගලික බස් රථයට එම ටයර් හයම සවිකර , බසයේ පැරණි ටයර් සභාවේ බව්සරයට සවිකරමින් රාජ්‍ය මුදල් අවභාවිත කර තිබෙන බව අපට වාර්තා වේ.

එම ටයර් මිලදීගෙන ඇති ආයතනයේ නම ලිපිනය සහ දුරකථන අංකය අප වෙත ලැබී ඇත. මිලදීගෙන ඇති ටයර්වල විස්තර මෙසේය.

ටයර් වර්ගය : සියට් රේඩියල් (900*20)…

එක් ටයරයක වෙලද පොල මිල: රු 51000/- …ලබාගෙන ඇති මුදල රු.. 67000/-වෙනස.. 16000/-

මීට අමතරව සභාපතිවරයා විසින් ප්‍රාදේශිය සභාවේ ටිපර්, ට්‍රැක්ටර සහ කම්කරුවන් අවභාවිතා කරමින් ඔහුගේ පුද්ගලික කොන්ත්‍රාත් කටයුතු – පාරවල් හදන්න යොදා ගනිමින් සිටී.

මේ පිළිබදව අග්‍රාමාත්‍ය තුමා දැනුම්වත් කල විට “ඕවා මට කියන්න එන්න එපා. ඕවා විපක්ෂයට ගියොත් ලොකු ප්‍රශ්ණ. රටේ වෙන දේවල් එක්ක ඕවා මොනවද? පාඩුවේ ඉන්න, ඌ මගේ එකා” යැයි පවසා නිහඩ වී ඇති බව වාර්තා වේ. ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ පිළිබදව දැනුම්වත් වී ඇති නමුත් මේ සම්බන්ධව කිසිම නීතියක් ක්‍රියාත්මක නොකර සභාපතිවරයා ආරක්ෂා කරමින් මුණිවත රකින බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *