තිබුන එක කඩලා අළුත් එකක් හදල දෙන හින්දා තමයි පඹයෙක් නෙමෙයි පඹගාලක් කිවුවේ – උපුල් මාලේවන..!

” හිරු බිහිරියි – සද ගොළුයි- තාරකා අන්ධයි…!”

ජනාධිපතිට අන්ධවෙලා.. අගමැති ගොළුවෙලා.. ඇමතිවරු බිහිරිවෙලා යැයි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආචාර්ය උපුල් මාලේවන මහතා පැවසීය.

අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකලේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

ජාත්‍යන්තරය පිළිබද අවබෝධයක් නැති සරත් වීරසේකර පළාත් සභා එපා කියලා කෑගහනකොට තමිල්නාඩුව ඉන්දියානු මධ්‍යම රජයෙන් අහනවා උඹලට ඇහුනද කියලා..?

එතකොටම ඉන්දියාවේ විදේශ ඇමතිවරයා එනවා ලංකාවට පළාත් සභා ක්‍රියාත්මක කරන්න සහ නැගෙනහිර ජැටිය ලබාගන්න කියන වැඩ දෙකටම.

යාපනය විශ්ව විද්‍යාලයේ ඔය ඉදිකිරීම ඉවත් කිරිමට පෙර බුද්ධිමත්ව කටයුතු කර එහි ඵලදායීතාව ලබාගැනීමට තිබු අවස්ථාව අද මගහැරිගොස් ඇත. අගමැතිවරයා ඉන්දියාවට ගොස් 13+ ගැන සාකච්ඡා කර තිබියදී වගකිවයුතු ඇමතිවරයා ඒ පිළිබදව කිසිදු අවබෝධයක් නොමැතිව හැසිරීමත් විශ්ව විදයාලය තුල තිබෙන මෙවන් ඉදිකිරිමක් අනවසර ඉදිකිරිමක් යැයි සදහන් කරමින් කඩාබිදදමා සතියක් යාමට පෙර නැවත ඉදිකිරිමට මුලුගල තබන්නේ‍ෙ කෙසේද යන්න ගැටළුවකි. සියල්ලටම හමුදා නිලධාරින් යොදාගැනීමේ අතුරුඵලයක් ලෙස මෙවැනි පිටරට ගෙනයා හැකි ප්‍රශණ නිර්මාණය කිරිම රජයේ වගකිවයුත්තන් අතින් සිදුනොවිය යුත්තකි.

රජයේ සුපුරුදු ප්‍රතිපත්තිය මෙවැනි ප්‍රශ්ණයක් ඔසවාගෙන අනිත් සියළු ප්‍රශ්ණ අමතක කරවීම නම් එය තාවකාලික සාර්ථක වීමකි. නමුත් යටගිය සියළු ප්‍රශ්ණ නැවත පැමිණෙන්නේ තම හිස කදින් වෙන්කරවීමට තරම් ප්‍රබලතාවයකින් බව රජයේ ප්‍රබලයන් සිහිතබා ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *