ජනතාවට පැණිය..! මන්ත්‍රිවරුන්ට එන්නත්..! කොරෝනා එන්නත් ඉල්ලා ජනපති නන්දසේන ලිපි ලියයි..!

කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නැයි තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බවත් පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස මිලදී ගැනීමට සිදුවන බවද සඳහන් කළේය.

එන්නත් අවශ්‍ය අයට ලබාදීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කැර ඇතැයි ද රාජපක්ෂ මහතා පැවසීය.

මුල් වරට පැමිණි වෛරසයේ ප්‍රභේදය සාර්ථක ලෙස පාලනය කරගත නමුත් දෙවැනි වර පැමිණ ප‍්‍රබේදය ඉතා ඉක්මනින් බෝ වන නිසා එම තත්වය තේරුම් අරගෙන ජනතාව පරිස්සම් විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.ත

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *