එක් හිසකට 1500යි අරක්කු බෝතලයයි..! රවි මර්වින් නවීන් අර්ජුන කතරගමට සෙනග ඇදපු හැටි මෙන්න..!

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට තරගවැද පරාජයට පත්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරගවැද පරාජයට පත්වු නවීන් දිසානායක ගම්පහ දිස්ත්‍රික් පරාජිත අපේක්ෂක අර්ජුන රණතුංග ,පරාජිත අපේක්ෂක මර්වින් සිල්වා ඇතුළු පිරිසක් ආධාරකරුවන්ද සමගින් ඊයේ එනම් 12 වැනිදා කතරගම අධිෂ්ඨාන පූජාවක නිරත විය.

සැලකියයුතු පිරිසක් සහභාගි වු එම වැඩසටහනට ජනතාව එක්රැස් කළ ආකාරය පිළිබදව වාර්තාවක් අපට ලැබී ඇත. දීර්ඝ කාලයක් කොරෝනා වසංගතය නිසාවෙන් Lock Down කර සිටි කොළඹ වතුවල වාසය කරන දිළිදු ජනතාව එක් හිසකට රුපියල් 1500ක් සහ අරක්කු බෝතලයක් ලබාදෙන පදනම මත බස් රථ යොදා එක්රැස් කරමින් කතරගම ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ. බැදුම්කර වංචාවේ මුදල් යොදාගෙන හෝ ආර්ථිකමය ප්‍රශ්ණ වලට මුහුණපා සිටින කොළඹ ජනතාවට මෙලෙසින් හෝ ශක්තියක් වීම පිළිබදව අපටද ඇත්තේ සතුටකි.

කතරගම දේව කන්නලවුව නමින් හැදින්වෙන එම වැඩසටහනට පැමිණ සිටි පිරිසෙන් කොටසක් බීමතින් පිස්සු නටන්නට වු අතර අවසන ඔවුන් සියල්ලන්වම නැවත බස් රථ වලට නංවා ඇත.

සැ.යු – රවි කරුණානායක යනු බැදුම්කර වංචාව නිසා මුදල් අමාත්‍යාංශය අහිමිවී විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන්විට සුද්දන්ට ටිකට් විකුණන්නට ජාතික ලොතරැයි මණ්ඩලය ඉල්ලමින් අරලියගහ මන්දිරයේ කාමරයක් තුල මහ හඩින් හඩා වැලපුණු අමාත්‍යවරයෙකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *