රංජන්ට සහ දුමින්දට එකම දිනකදී ජනපති සමාව..?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම ලබාසිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.දුමින්ද සිල්වා මහතාට සහ පසුගියදා අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් බරපතළ වැඩ ඇතිව වසර 04ක සිරදඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමණායක මහතාට එකම දිනක ජනාධිපති සමාව ලබාදීම පිළිබදව ආණ්ඩුව තුල කතිකාවතක් නිර්මාණය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

පුද්ගල ඝාතනයකට මරණීය දණ්ඩනය ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා පමණක් ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරිමේදි මතුවන ජනතා විරෝධය යටපත් කිරීමට ඇති හොදම විකල්පය ඔහුත් සමගම රංජන් රාමණායක මහතාවද නිදහස් කිරීම බවයි ආණ්ඩු පක්ෂ ප්‍රබලයන්ගේ අදහස බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *