වජිරව සභාපති කලත් එකයි..! මහින්දට එජාපය දුන්නත් එකයි..! එජාප නව සභාපතිට දැඩි ප්‍රහාරයක්..!

මහින්ද රාජපක්ෂ මහතා සමග සබදකම් පවත්වන වජිර අබේවර්ධන වැනි අයෙකු එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයට පත්කිරීම තුල එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සියළු තොරතුරු රාජපක්ෂවරුන් වෙත ගලායාම කිසිවෙකුට නවතාලිය නොහැකි බව IMP Media Soulutions අධිපති මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

වජිර අබේවර්ධන කියන්නේ රාජපක්ෂවරු එක්ක මෙන්ම රාජපක්ෂවරුන්ගේ හිතමිත්‍රයන් එක්ක පුද්ගලික සම්බන්ධතා පවත්වන අයෙක් බව ප්‍රසිද්ධ රහසක්. ඒ වගේ මනුස්සයෙක්ට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයක් ලබාදීම තුලින් පක්ෂ නායකයා බලාපොරොත්තු වන්නේ මොකක්ද කියන එක අපිට තේරුම්ගන්න බැහැ.

මෙහෙම ගියොත් එජාපය නවතින්නේ කබලෙන් ලිපට වැටිලා යැයිද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *