කපපු ගස්වලට නැවත හිටවන්න දුන්නා වගේ රංජන්ටත් කට පරිස්සම් කරගන්න කිවුවා නම් ඉවරයිනේ… උපුල් මාලේවන

කපපු ගස්වලට නැවත හිටවන්න දුන්නා වගේ රංජන්ටත් කට පරිස්සම් කරගන්න කිවුවා නම් ඉවරයිනේ… එකම තෙලේ බැදෙන පපඩම් කම්පැණි දෙකකට වෙනස් නීති දෙකක් ක්‍රියාත්මක වන්නේ ඇයිදැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආචාර්ය උපුල් මාලේවන මහතා ප්‍රශ්ණ කර සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා..

වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ බහුතරයක් ගස් කපනවා අතු කපනවා ගෙඩි කඩනවා වැලි කපනවා ගල් කඩනවා. ප්‍රධානියත් තම තනතුර හැර අනිත් සේරම දේවල් කරනවා. මහ මුහුදෙන් වටවුනු පුදුම රටක් මේක..

අද සාර්ථක ව්‍යාපාරයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ජාත්‍යන්තරයට ටයර් නිෂ්පාදනය කරන මධ්‍යස්ථානය විවෘත කිරීම රටවැසියන් විදියට අපි පාට පක්ෂ භේද පසෙකලා සතුටට පත්වෙනවා. ඒ් අතරම රටේ රබර් වතුවල මහා පරිමාණයෙන් රබර් ඉවත් කරමින් පවතින බව සදහන් කළ යුතු කරුණකි. ඒ් සම්බන්ධයෙන් වගකිවයුතු අදාල ආයතන මුණිවත රකිද්දිි නැවත හිටවන පොරොන්දුව මත ගලවා ඉවත් කරන ලද රබර් නැවත හිටවනවාදැයි කියා කිසිවෙකුගේ අධික්ෂණයක් නැත. ආර්ථික වශයෙන් මිල ඉහළ ස්ථානවල රබර් ඉවත් කරමින් ඉඩම් කට්ටි කඩා විකිණිම දැවැන්තව සිදුවෙමින් පවතී.

ආසන්නතම උදාහරණයක් වශයෙන් තුන්නාන රබර් වතුයායේ සම්පුර්ණයෙන්ම රබර් ගලවා ඉවත්කර කට්ටි කර විකිණිමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවති. රාජ්‍ය ආයතනවල ප්‍රධානින් මේ සියල්ල ඉදිරියේ මුණිවත රකිනුයේ අතයට මුදල් ජාවාරමක ප්‍රතිඵලයක් බව පැහැදිලිය.

දැවැන්ත මුදලක් වියදම් කරමින් දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ඇරඹෙද්දිම රට තුළ සිදුවන මෙවැනි දූෂණ සම්බන්ධයෙන් රජයේ ප්‍රධානින් මුණිවත රැකීම යනු මේවාට අනුබල ලබාදීමක් ලෙස සදහන් කළ යුතුමය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දැවැන්ත ශක්තියක් ලැබෙන මෙවැනි අවස්ථාවක ආර්ථික වශයෙන් ලාභ ලැබීමට ඇති අවස්ථා අවමවීමට බලපාන ඵලදායීතාවය විනාශවීමට සෘජුව හා වක්‍රව බලපාන දේශපාලනික තීන්දු මේ අවස්ථාවේ ගතයතු නොවේ.

වර්තමානයේ සේලයින් බෝතලයත් පුළුන් කැබැල්ලත් පිටරටින් ගෙනෙන නමුදු අපි අතීතයේ දැවැන්ත ඉතිහාසයකට හිමිකම් කියනා ආඩම්බරකාර ජාතියකි. තවමත් පුරුද්දට මෙන් විශ්මිත නිර්මාණ බිහිකරනා කිහිපදෙනෙකු රට තුල සිටියාට බහුතරයක් කාර්යාල ජිවිතයට හිමිකම් කියන අපි, ජාතියක් ලෙස ජාන වලින් අප සතුවන බොහොමයක් දක්ෂතා මරාදමා දමා ඇත. එම නිසා ඉදිරි පරම්පරාව තුල ඇති ජානමය ආභාෂයෙන් ඇතිවන හැකියාවන් අප ඔප මට්ටම් කර ඉදිරියට ගත යුතුය. ඒ් තුලින් පැරකුම් යුගයක් බිහිකර මේ රට නැවතත් විශ්මිත නිර්මාණ කරන ලොව අවධානය දිනාගත් දිවයිනක් බවට පත්කරනවා නම් පත්කරනුයේ දේශපාලකයන් නොව ඉදිරි පරම්පරාව බව පැහැදිලිය.

ජාතියක් වශයෙන් පීඩනයට ලක්ව ඇති මොහොතක අපේ රට බාහිර ලෝකය සමග සංසන්දනය කරන විට ටැන්සානියාව හොදම උදාහරණයකි. ටැන්සානියාව නයිජීරියාව මැඩගස්කරය වැනි රටවල් ‍‍‍ තුල ස්වභාවික තෙල් නිදි ගෑස් නිදි ස්වභාවික ඛනිජ සම්පත් පිරි තිබුණද එම රාජ්‍යයන් ලෝකය තුල දරිද්‍රතාවය අතරින් පළමු තැන දිනාගන්නා රාජ්‍යයන් බවට පත්ව ඇත. නමුත් පොලොව තුලින් ජල බින්දුවක් හෝ මතු නොවන ඩුබායි රාජ්‍යය වැනි රාජ්‍යයන් සුවිශල් මන්දිර ඉදිකරමින් ලොව වාර්තාගත ආර්ථික වර්ධන වේගයන් රදවා ගනිමින් අධික සැප විදින ධන කුවේරයන් පවා ජීවත් වීමට රුචිකත්වයක් දක්වන රාජ්‍යයක් බවට නිර්මාණය කළේ ඒ් රටවල්වල නායකයන් බව මතක තබා ගත යුතුය.

නායකයෙකුට ඇත්තේ අවසාන වශයෙන් ගතයුතු තිරණ 02කි. ඒ් තීරණය රටද? නැත්නම් මමද? යන තීරණයි. ලික් වාන් යු අගමැතිවරයාටද තෝරාගැනීමට තිබුනේ ඒ් තොරාගැනීමම වන වතර ලීක්වාන් යු අගමැතිවරයා පසුකාලයකදී පැවසුවේ තමා තෝරාගෙන ඇත්තේ රට බවත් එහි අවසාන ප්‍රතිපලය ලෙස වර්තමාන සිංගප්පුරුව නිර්මාණය කළ බවයි. අපේ රටේ දේශපාලකයන් තෝරාගෙන ඇත්තේ තමන්ව වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ශ්‍රි ලංකාව නිර්මාණය වී ඇත. ශ්‍රි ලංකාව තුල කෙතරම් උගතුන් බුද්ධිමතුන් සිටියද ශ්‍රි ලංකාව මෙවැනි තත්වයකට ඇදවැටීමට හේතුව දේශපාලනය රට සදහා නොව මමත්වය සදහා ක්‍රියාත්මක වන බැවින් බවද ඒ් මහතා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *