කොළඹ වරායේ වෘත්තිය සමිති එකම සටනක..! ජනපති නන්දසේනට එරෙහි සටන ගැන තීන්දුව අද…!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 49%ක් ආයෝජකයෙකුට ලබා දීමට රජය තීරණය කර ඇති නිසා ඊට එරෙහිව කටයුතු කරන ආකාරය ගැන අද දිනයේ වරාය වෘත්තීය සමිති රැස්වී තීරණය කිරීමට නියමිතය.

වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ මෙම කොටස් ආයෝජකයෙකුට ලබා දීමට කටයුතු කළ හොත් සයිටම් ආයතන යෝජනාව පරාජයට පත් කළ ආකාරයටම මෙයද පරාජයට පත් කරන බවයි.

මෙම සටන වෙනුවෙන් දැනටමත් වරාය වෘත්තිය සමිති 23ම ඒකාබද්ධ වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අසූවක් හා මහාසංඝරත්නය ආගමික නායකයන් දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඒකාබද්ධ කර ජාතික සභාවක් පිහිටුවා ඇති බවත් ඔවුහු කියා සිටිති.

නැගෙනහිර පර්යන්තයේ 100%ක අයිතියක් වරාය අධිකාරිය සතු විය යුතු බවත් ඉන් මෙපිට කිසිදු විසඳුමක් නැති බවත් ඔවුහු කියා සිටිති.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *