කොරෝනා පාලනය ගිලිහී අවසන්.. ඇමති දයාසිරි..! අද සිට සංචාරකයන්ව ගේනවා.. ! ඇමති රණතුංග

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපොළ අද සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරේ.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි කාණ්ඩ 3 ක් යටතේ ගුවන්තොටුපොළ අද සිට සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බවය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පිවිසීම සඳහා නේවාසික පුරවැසියන්ට, ද්විත්ව පුරවැසියන්ට සහ විදේශීය සංචාරකයන්ට බාධාවකින් තොරව අවසරය ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53න් එකක් තෝරා ගත හැකිය.

ඉන්පසුව අමෙරිකානු ඩොලර් 40ක මුදලක් තැන්පත් කර මෙරට දී පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුය.

එහිදී එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දින 01 – 06 අතර ගත කරන්නේ නම් එක් PCR පරීක්ෂණයක් ද , දින 07 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින්නේ නම් තවත් PCR පරීක්ෂණයක් ද සිදුකළ කළ යුතුය.

මෙරට දී සිදුකරනු ලබන එක් PCR පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් අය කරනු ලැබේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන් අමෙරිකානු ඩොලර් 12ක් වැයකර කොවිඩ් රක්ෂණ ආවරණයක් ද ලබා ගත යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන සංචාරකයන් ගුවන් ප්‍රවේශ පත්‍රය, ශ්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ විස්තර සහ වෙන්කරවා ගත් අංකය, ශ්‍රී ලංකාවේ දී සිදුකිරීමට අපේක්ෂා කරන PCR
පරීක්ෂණ සඳහා මුදල් ගෙවූ රිසිට් පත සහ කොවිඩ් රක්ෂණ ආවරණය ලැබූ සහතිකය සමග ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් PCR පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.

ඉන්පසුව සංචාරක වීසා ලබා ගැනීම සඳහා www.eta.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කළ යුතුය.

අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම සිදුකළ හැකි අතර, එසේ පැමිණෙන සියලුම ගුවන්මගීන්, ඔවුන්ගේ ගමන් මලු සියල්ල ගුවන් පාලම් තුළ දී විෂබීජහරණය කිරීමට ලක්කෙරේ.

මෙහිදී ශ්‍රී ලංකාවට පිවිසෙන සියලුම ගුවන් මගීන් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වේ.

ඉන් පසුව එම ගුවන් මගීන් ගුවන් යානය තුළ දී ලබාදුන් සෞඛ්‍ය වාර්තා, ගුවන් තොටුපොළ තුළ සූදානම් කර ඇති සෞඛ්‍ය කවුළු වෙත ලබාදිය යුතුය.

කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙවැනි සෞඛ්‍ය කවුළු 10ක් සූදානම් කර ඇති අතර, මත්තල ගුවන් තොටුපොළ තුළ එවැනි කවුළු 02ක් සූදානම් කර ඇති බව ද ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

එයින් පසු එම ගුවන්මගීන් ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වමාපක ඔස්සේ ගමන් කළ යුතු අතර, එහිදී යම් සංචාරකයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37.5°ට වඩා වැඩි නම්, එම සංචාරකයා වහාම ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කර ඊට අදාළ පියවර ගැනීමට නියමිතය.

ඉන්පසු සංචාරකයන් ආගමන විගමන කලාපයට පිවිසෙන අතර, එහිදී ඔවුන් තත්පර 30 – 40 ත් අතර කාලයක් තුළ නිදහස් කිරීමට සැළසුම් කර තිබේ.

එයින් පසු මෙසේ පැමිණෙන සංචාරකයන් ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට පිවිසීම සිදුවේ.

එම සාප්පු තුළ ගුවන් මගීන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවන බැවින්, එම සාප්පු සංකීර්ණයේ සියලු සේවකයින් පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇඳ සිටීමට සූදානම් කර තිබේ.

එසේ භාණ්ඩ මිලදී ගත් ගුවන් මගීන් තම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ භාර ගැනීම සඳහා ස්වයංක්‍රීය භාණ්ඩ පැමිණීමේ ධාවක යන්ත්‍ර වෙත පිවිසිය යුතුය.

එහිදී ගුවන් යානයෙන් රැගෙන පැමිණි එම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ, එසේ අයිතිකරුවන්ට ලබා දීමට පෙර විෂබීජහරණය කිරීමට ලක්කිරීම සිදුකරයි.

අනතුරුව සියලු ගමන් මලු සහ භාණ්ඩ ගුවන් තොටුපොළ සහායකවරුන්ගේ සහායෙන් රේගු පරිශ්‍රය ඔස්සේ ගුවන් තොටුපොළ පැමිණීමේ ආලින්දය වෙත රැගෙන එනු ලබයි.

එහිදී මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු පද්ධතියක් පිහිටා ඇති අතර, ඒවායින් අවශ්‍ය මුදල් ගණුදෙනු සිදුකර ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සහ විදේශීය සංචාරකයන් වෙනම හඳුනා ගෙන ගුවන් තොටුපෙළෙන් පිටකිරීමේ කාර්යය ආරම්භ කරනු ලැබේ.

ශ්‍රී ලාංකිකයන් ජාතික කොවිඩ් මර්දන කාර්යය සාධන බලකාය මගින් සහ විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වේ .

එම පියවරෙන් ගුවන් තොටුපොළ වගකීම අවසන් වන බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් තොටුපොළ තුළ දී සිදුවන සෑම ක්‍රියාවක්ම දුරස්ථභාවය රැක ගනිමින් සිදුකළ යුතු අතර, විෂබීජනාශක දියර කටුනායක ගුවන් තොටුපොළේ සියලු කලාපවල තැන්පත් කර පවතී.

මීට අමතරව ගුවන් තොටුපොළ සියලුම සේවකයින් එම ක්‍රියාවලිය පිළිබඳව පෙරහුරු පවත්වා, විශේෂ පුහුණුවකට ලක්කර ඇති බව ද වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *