වරාය විකුණන්න හදන්නේ ජනපති නන්දසේන සහ උපදේෂක බැසිල්…! වරාය වෘත්තිය සමිති කියයි..!

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි.

නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව බවත් ඊට විරුද්ධ වන්නැයි තම සේවක සංගමයෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් කියා සිටිති.

නමුත් ජනාධිපතිට මෙම නැගෙනහිර පර්යන්තය ලබාදීමට උවමනාව ඇති බවත් ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නියම වෙලාවට ආණ්ඩුවෙන් ජීවිත බදිනු ඇති බවත් ඔවුහු කියා සිටියහ.

එම සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කළහ.

හැකිනම් මේ සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නැයිද අභියෝග කරන ඔවුන් කොළඹ වරායද ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුව අවසන් යයිද කියා සිටියහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *