තමුසේ හදන්නේ මටත් චීත්ත අන්දවලා Videoවල නටවන්නද.? ආණ්ඩුවේ ප්‍රබලයෙක් යකා නටයි.!

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අන්තරාදායක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ තමාගේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර සිටියා. ඒ රජයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ අභියෝගයට පිළිතුරු ලබාදෙමින්ය.

පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේදී රජයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දුට මත්ද්‍රව්‍ය ගත් බවට චෝදනා කළ අතර ඔහුට මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලෙස අභියෝග කර සිටියා.

ඒ අනුව මන්ත්‍රීවරයා තමාගේ වෛද්‍ය වාර්තාව සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරනු ලැබුවේ ඔහු විසින් එම පරීක්ෂණය භාජනය වන අයුරු දැක්වෙන සජීවී වීඩියෝවක් ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මුදාහරිමින් වීම විශේෂත්වයක්.

මේ අතර හරීන් ප්‍රනාන්දු සජීවිව පැමිණ පැවසු ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ ඉහළම පුතටුවකට යක්ෂාවේෂ වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ඒ අනුව සමාජ මාධ්‍ය තුල චීත්ත අදිනත පිරිමියා ලෙසින් විරුදාවලිය ලත් පුද්ගලයෙකු හට මේ තැනැත්තා දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත.

තමුසෙට පේනවා නේද අරූ දාන කෝචෝක්..? නිකං විහිළුවක් වෙන්න එපා මිනිහෝ.. තමුසේ හදන්නේ මටත් චීත්ත අන්දලා වීඩියෝ වල නටවන්නද? පිස්සු කෙලින්න එපා මිනිහො යනුවෙන් දැඩි වාග් ප්‍රහාරයක් චීත්ත අදින පිරිමියා වෙත එල්ල වී ඇති අතර සියල්ල සාවධානව අසා සිටිම හැර අන් කිසිවක් චීත්ත අදින පිරිමියා සිදුකර නැති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *