ලංකාව චීන කොලනියක්ද..? දූපත් 03ක් චීන සමාගමකට..! අසලවැසි ඉන්දියාව කුපිත වෙයි..!

බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙනි.

පසුගිය ජනවාරි මස 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *